කොන්ද පණ නැති පොලිස් නිලධාරින් නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය දවසින් දවස විනාශ වෙමින් පවතී යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.
හම්බන්තොට දී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිරිහැර සිදු කරද්දී නීතිය ක්‍රියාත්මක නොකර ඒ දෙස බලා ගෙන සිටි පොලිස් නිලධාරීන්ගේවැඩ තහනම් කරන ලෙස තමන් පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතාට පැවසීයැයි ඒ මහතා සඳහන් කළේය.
නීතිය හරිහැටි ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ගේ යුනිෆෝම් ගලවා ගෙදර යවන්නට දේශපාලනඥයන්ට හැකියාව තිබෙන බව අප විසින් පෙන්වා දුන් විට අජිත් රෝහණ මහතා පැවසුවේ එවැනි තත්ත්වයක් සිදුවන්නේ සිද්ධියකින් පසුව නීතිය ක්‍රියාත්මක කරවන්නට යාමේ දී බවයි.
“හම්බන්තොට සිද්ධිය වෙන වෙලාවේ පොලිසිය එතැන බලා ගෙන සිටියා.
“හම්බන්තොට සිද්ධිය වෙන වෙලාවේ පොලිසිය එතැන බලා ගෙන සිටියා.
දෙන්නෙක් තුන් දෙනෙක් එම අවස්ථාවේදීම අත්අඩංගුවට අරගෙන උසාවි දැම්මා නම් මේ වගේ ප්‍රශ්න මතුවන්නේ නැහැ. උසාවි දැම්මට පස්සෙ නීතිය ක්‍රියාත්මක කරන්නේ උසාවියයි."
කොන්ද පන නැති පොලිස් නිලධාරීන් දිනපතා ඇති කරන ප්‍රශ්න හේතුවෙන් තමන්ට දැන් රැකියාවත් එපා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.
12:54 AM
Unknown
.jpg)
1 comments:
mage konda hodata tiyena nisa mama ehema kiyanna mokada mama konda pana atuwa weda karanawane hemadama...mama liyala dena1 kiyawanawat newai...mama MR t deegena innawat newai hodeeee
Post a Comment