දෙහිවල සත්ව උද්‍යානයේ සිටින සියලුම අලින්ට ක්ෂය රෝගය බෝ වී ඇතැයි හෙළිවී ඇතත් සත්ව උද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක වරයාගේ නියෝගයෙන් එම සතුන් යොදාගෙන අලි සංදර්ශන පවත්වන නිසා මේ වන විට මුළු රටටම ක්ෂය රෝග කාරකය බෙදා හරින මධ්‍යස්ථානයක් ලෙස දෙහිවල සත්ව උද්‍යානය පත්ව ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි
අලි ඇතුන් විදේශ රට වලට ලබා දීමේ ව්‍යාපෘතිය යටත් පහු ගිය වසරේ නවසීලන්තයට යැවීමට සැලසුම් කල අලි පැටවුන් දෙදෙනාගෙන් එක පැටවෙකුට ක්ෂය රෝග බැක්ටීරියාව ශරීර ගතව ඇති බවට පළමු වරට හෙළිදරවු වී තිබිණි නවසීලන්තයට අලි පැටවූ යැවීමට ප්‍රථම එරට වෛද්‍ය කණ්ඩායමක් විසින් පින්නවලට පැමිණ කරන ලද පරීක්ෂණ වලදී එරටට යැවීමට සිටි අලි පැටවූ දෙදෙනාගෙන් එක පැටවෙකුට මෙසේ ක්ෂය රෝගය වැළදී ඇති අනාවරණය වූ අතර නවසීලන්ත රජයෙන් මෙම අලි පැටවූ දෙදෙනා බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබිණි එම පැටවුන් මේ වන විට ගගනට පින්නවල මාගොල්ල ප්‍රදේශයේ ඉදිවන නව සත්ව උද්‍යානයේ වෙනම කොටසක රඳවා ක්ෂය රෝගය සුව කිරීමට ප්‍රතිකාර ලබා දෙමින් පවතී එහෙත් දෙහිවල සත්ව උද්‍යාන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන අන්දමට රෝගය ව්‍යාප්ත වුනු දෙහිවල සත්ව උද්‍යානයේ ඇත් පන්තියේ අනෙක් සතුන්ට මේ වන විටත් ප්‍රතිකාර ලබා දීම ආරම්භ කර නැත