ගම්මන්පිල පළමු චන්ද පොරොන්දුව කඩයි ~ niruwatha

Sunday, April 13, 2014

ගම්මන්පිල පළමු චන්ද පොරොන්දුව කඩයි

බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙවර මැතිවරණ සමයේදී පරමාදර්ශී දේශපාලන ගමනක් පෙන්නුම් කරමින් මැතිවරණ ව්‍යාපාරය දියත්කරන බව පෙනෙන්නට තිබිණි.එතුමාගේ තේමා පාටය වුවේද "හරි මග ගෙන යන උදය ගම්මන්පිල" යන්නයි.මෙවර මැතිවරණ වියදම් පියවා ගැනීමට තමන් ව්‍යාපාරිකයින් සහ වෙනත් දානපතීන් වෙත නොයන බවත් යහපාලනය අගයන ජනතාවගේ ආධාර මුදල් වලින් සිය ඡන්ද ව්‍යාපාරය පවත් වන බවත් ප්‍රකාශ කරමින් සිය ඡන්දදායකයින්ගෙන් රුපියල් සියය බැගින් එකතු කරන්නට විය.ඡන්ද ව්‍යාපාරය අවසාන වන විට මිලියන පහකට ආසන්න මුදලක් එකතු වූ බව ඒ මහතාම ප්‍රකාශ කරනු අපට මාධ්‍ය මගින්න ඇසෙන්නට ලැබිණි.


මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදීම ගම්මන්පිල මහතා ලබා දුන් ඡන්ද පොරොන්දුවක් වන්නේ මැතිවරණය අවසාන වී සති දෙකක් ඇතුලත සිය මැතිවරණ වියදම් සහ එකතු වූ මුදල ඇතුළුව මැතිවරණ ව්‍යාපාරයේ සියලුම ගිනුම් හෙළි කරන බවය.මැතිවරණය පැවැත්වුයේ මාර්තු 29 වෙනිදාය.සති දෙක සම්පුර්ණ වන්නේ අප්‍රේල් 13න් වන ඉරිදාටය.නමුත් ඡන්ද පොරොන්දුව තවමත් ඉටු වී නැත.

අමාත්‍ය තුමනි, යහපාලනය බලාපොරොත්තුවෙන් ඔබ තුමන් හට මුදල් ලබා දුන් මහා ජනතාවත්, ඡන්දය ලබා දුන් ඡන්ද දායකයනුත් ඔබ තුමාගේ චන්ද පොරොන්දුව ඉටුවන ආකාරය පිළිබඳව විමසිලිමත්ව සිටියි.