හම්බන්තොට සිද්ධිය අත්අඩංගුවට ග න් න වා ද ? දිවයින විමසයි 'නෑ.. නෑ.. නීතිය ක්‍රියාත්මක කරනවා' ~ niruwatha

Sunday, April 20, 2014

හම්බන්තොට සිද්ධිය අත්අඩංගුවට ග න් න වා ද ? දිවයින විමසයි 'නෑ.. නෑ.. නීතිය ක්‍රියාත්මක කරනවා'

මත්තල ගුවන් තොටුපළ සහ හම්බන්තොට වරාය නිරීක්‍ෂණය කිරීමට ගිය එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන්ට පහර දුන්නේ යෑයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා හම්බන්තොට නගරාධිපති එරාඡ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා ඊයේ (20 දා) ලදිවයිනල ට කීවේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේදැයි අප පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසූ විට ලනෑ... නෑ.... පරීක්‍ෂණ අවසන් වූ පසුව ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවාල යෑයි අජිත් රෝහණ මහතා කීවේය.

මේ සම්බන්ධව සිදුකරන පරීක්‍ෂණවලදී නගරාධිපතිවරයාට එරෙහිව සාක්‍ෂි ඉදිරිපත් වෙනවා නම් ඔහු අත්අඩංගුවට ගන්නේදැයි අප යළිත් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් විමසා සිටියෙමු.

ලපරීක්‍ෂණවලින් පසුව නීතිමය ක්‍රියාමාර්ගවලට එළැඹෙනවාල යෑයි ඔහු නැවතත් ප්‍රකාශ කළේය.

එමෙන්ම හම්බන්තොටදී එජාප මන්ත්‍රීවරුන්ට ප්‍රහාර එල්ල වෙද්දී එම ස්‌ථානයේ රාජකාරි කළ පොලිස්‌ නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්‌දැයි අජිත් රෝහණ මහතාගෙන් විමසා සිටියෙමු.

ලඒ සම්බන්ධයෙන් තවම පරීක්‍ෂණ සිදුකරනවා... අජිත් මාන්නප්පෙරුම, ආර්. යෝගරාජන් සහ නලින් බණ්‌ඩාර යන මන්ත්‍රීවරුන්ගේ කටඋත්තර මේ වන විට සටහන් කරගෙන තිඛෙනවා යෑයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා කීවේය.

1 comments:

sb pahath adhyapana amathi said...

api langadima me wage thawath washing machine godak hadanawa....
e nisa babyta owa koranna baya wenna one ne...

Post a Comment