අඟුණකොළපැලැස්ස ප‍්‍රදේශය අසන්නයේ පිහිටි අලූත්වැව පුරාණ රජමහාවිහාර භූමියට ද මේ ආකාරයෙන්ම අයිස් කැට සහිත වැසි පතිත වූ බව එම විහාරයේ විහාරවාසී අලූත්වැවේ ඥනාලෝක හිමියන් ද හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අජිත් විජේමාන්නගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ දැනට පවතින වැසි සහිත කාලගුණයත් සමග අයිස් වැසි පතිතවිය හැකි බවයි.
පසුගිය 6 වැනිදා මස්කෙළිය - මාවුස්සාකැලේ ප‍්‍රදේශයෙන් ද අයිස් වර්ෂාවක් පතිත වූ පුවතක් වාර්තා වුණා.
මේ අතර, පසුගිය දින 5 ක කාලසීමාව තුළ දිවයිනේ දැඩි සුළං තත්ත්වය නිසා දිස්ත‍්‍රික්ක 7ක ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 96 ක් පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත්ලාල් කුමාර ප‍්‍රකාශ කළේ පීඩාවට පත්වූවන් සඳහා සහන සැපයීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
7:53 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment