ඇමති ඩිලාන්, බල සේනා දෙකකට දෙහි කපයි (Video සහිතයි ) ~ niruwatha

Sunday, April 20, 2014

ඇමති ඩිලාන්, බල සේනා දෙකකට දෙහි කපයි (Video සහිතයි )

ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි රට බෙදා වෙන් කිරීමට කිසිම සංවිධානයකට ඉඩ නොදෙන බව විදේශ රැකියා ප‍්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

බදුල්ල ප‍්‍රදේශයේ ඊයේ (19) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඇතැම් ආගමික සංවිධාන ජාත්‍යන්තරයේ උපදෙස් සහ මුදල් ආධාර මත කටයුතු කරමින් සිටින බවයි. බොදුබල සේනා සංවිධානය සහ ජාතික බල සේනා යන සංවිධාන බෞද්ධ දර්ශනය විකුණමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් ශ‍්‍රී ලංකාවේ කිසි තැනක නොමැති බවත් බදුල්ල නගරයට පැමිණ ශ‍්‍රී ලංකාවේ සාමකාමී තත්ත්වය දැක බලා ගන්නා ලෙසයි අමාත්‍යවරයා එම සංවිධානවලින් ඉල්ලා සිටියේ.

එම වීඩියෝව - https://www.youtube.com/watch?v=F2luvBEu4WQ

0 comments:

Post a Comment