නපුන්සකයන්ට ඉන්දියාවෙන් සැලකිලි ( Photos ) ~ niruwatha

Monday, April 21, 2014

නපුන්සකයන්ට ඉන්දියාවෙන් සැලකිලි ( Photos )

ස්ත්‍රී පුරුෂ භාවයට අමතරව තුන්වන ලිංගිකත්වයක් පවත්වාගෙන යාමට ඉන්දියාව තුළ අවසරයක් හිමිව තිබෙන බව  වාර්තා වෙනවා.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙලෙස අදාළ අවසරය ලබා දී ඇති බව  විදේශ  මාධ්‍ය  වාර්තා කරයි.
උපතින්  ලද ස්ත්‍රී පුරුෂ භාවය වෙනුවට තමාගේ අභිමතය පරිදි ලිංගිකත්වය තෝරාගත් ප්‍රජාව,ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් පිළිගෙන තිබෙනවා.
අධ්‍යාපනය , සෞඛ්‍ය සේවා ,  රැකියා මෙන්ම සමාජ සුභසාධන කටයුතු වලදීද ස්ත්‍රී පුරුෂ භාවයට අමතරව  වෙනම ලිංගිකත්වයක් සහිත ප්‍රජාවට ද සලකන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය   දැනුම් දී තිබෙනවා.
ඉන්දීය සමාජය තුළ  මිලියන එකහමාරක් පමණ තුන්වන ලිංගිකත්වයක් පවත්වාගෙන යන පුද්ගලයින්  සිටින බව  වාර්තා වෙයි.





0 comments:

Post a Comment