අවුරුදු සමරන්න අරක්කු වෙනුවට කසිප්පු ~ niruwatha

Friday, April 18, 2014

අවුරුදු සමරන්න අරක්කු වෙනුවට කසිප්පු

මැදිරිගිරිය පොලිස් බල ප‍්‍රදේශයේ පසුගිය අපේ‍්‍රල් පළමු වැනි දින සිට දහ හතර වැනි දින දක්වා වූ සිංහල දමිළ අළුත් අවුරුදු උත්සව සමයේ සිදුකරන ලද විශේෂ දුෂණ මර්දන වැටලිම්වලදි විවිධ වැරැදි සිදුකළ සැකකරුවන් විසිපහක් අත්අඩංගුවට ගැනිමට පොලිසියට හැකිවී ඇත.

මෙහිදි නිතී විරෝධි මත්පැන් ළඟ තබා ගැනිම සහ අලෙවි කිරිම සම්බන්ධයෙන් සැකකරුවන් දහහත් දෙනකු සමග නීති විරෝධි මත්පැන් මිලි ලිටර් පනස්තුන් දහස් විසිපහක්ද, නීතී විරෝධි මත්පැන් පෙරිම සඳහා ගන්නා ගෝඩා බැරල් හතර හමාරක් සමග සැකකරුවන් පස්දෙනකුද, රජයේ අරක්කු නිති විරෝධි ලෙස අලෙවි කිරිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදනකු සමග රජයේ අරක්කු මිලි ලිටර් හාරදහස් එකසිය විසිපහක් හා බියර් කෑන් විසි හතක් අත්අඩංගුවට ගැනිමට මැදිරිගිරිය පොලිසිය සමත්ව ඇත.

මෙයට අමතරව නීති විරෝධි ලෙස අලෙවි කිරිම සඳහා ළඟ තබාගත් ගෝන මස් කිලෝ තුනක් සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනිමට පොලිසියට හැකිවී ඇත. 

0 comments:

Post a Comment