පිටකොටුවේ වැසිකිලිය ගණන් උස්සයි. ~ niruwatha

Tuesday, April 29, 2014

පිටකොටුවේ වැසිකිලිය ගණන් උස්සයි.

විශාල මගී ජනතාවක්‌ සැරිසරන පිටකොටුව මධ්‍යම බස්‌ නැවතුම්පළේ වැසිකිළි පරිහරණය කිරීමට එන මගීන්ගෙන් මෙතෙක්‌ අය කළ රුපියල් දහයේ ගාස්‌තුව හිටිහැටියේම රුපියල් පහළොව දක්‌වා ඉහළ දමා ඇතැයි එම මගීහු චෝදනා කරති.

මෙය ඉතා විශාල අසාධාරණ ක්‍රියාවක්‌ බවද මගීහු පවසති.

දුර බැහැර ප්‍රදේශවල සිට ශ්‍රී ලංගම බස්‌ රථවලින් පැමිණ පිටකොටුව මධ්‍යම බස්‌ නැවතුම්පළින් බසින මගීහු සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට මෙම වැසිකිළිවලට යැමේදී රුපියල් පහළොවක මුදල ගෙවීමට සිදුවීමෙන් අපහසුතාවට පත්වන බවද දැනගන්නට ඇත.

මගීහු එම රුපියල් පහළොවක මුදල අසාධාරණ යෑයි පවසමින් රුපියල් දහයක මුදලක්‌ දුන් විට එම වැසිකිළි දොරටුව අසල සිට මුදල් අයකරන අය බැණ වදින බව එම මගීහු කියති.

අප මේ සම්බන්ධයෙන් එම වැසිකිළිවලට යන මගීන්ගෙන් මුදල් අයකරන අයගෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ තමන්ට මේ ගැන කරන්නට දෙයක්‌ නොමැති බවත්, තමන්ට ඉහළ තැන්වලින් ලබාදෙන නියෝග අනුව ක්‍රියාකරන බවත්ය.

තමන්ට සිදුවී ඇති මෙම අසාධාරණය ගැන වහා අවධානය යොමුකරන ලෙස වගකිවයුතු අංශවලින් එම අපහසුතාවයට පත් මගීහු ඉල්ලා සිටිති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

0 comments:

Post a Comment