ශ්‍රීපාදය සංචාරක කළාපයක් කිරීමේ තැතක්. ~ niruwatha

Tuesday, April 29, 2014

ශ්‍රීපාදය සංචාරක කළාපයක් කිරීමේ තැතක්.

ඓතිහාසික ශ්‍රීපාද අඩවිය සංචාරක කලාපයක්‌ බවට පත්කිරීමට රජය සැලසුම් කර ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්‌ථානය ඊයේ (29 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. මෙම සැලසුම ක්‍රියාත්මක වුවහොත් ඓතිහාසික ශ්‍රීපාද අඩවියට දැඩි හානියක්‌ අත්විය හැකි බැවින් මෙම සැලසුම පරාජය කිරීම සඳහා සියලු පාර්ශ්වයන් එක්‌විය යුතු බව එම මධ්‍යස්‌ථානය පවසයි.

සංචාරක කලාපය සඳහා අමාත්‍ය මණ්‌ඩල සංදේශය අංක LA/06/02/131 යටතේ පසුගිය 05 වැනිදා රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන ඇමැතිවරයා විසින් ඇමැති මණ්‌ඩලය වෙත ඉදිරිපත් කර ඇතැයි එම මධ්‍යස්‌ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේය.

එම ඇමැති මණ්‌ඩල සංදේශය අනුව ශ්‍රීපාද අඩවියේ නල්ලතන්නියේ සිට ඉදිකටුපාන දක්‌වා වූ ගමන් මාර්ගයේ අක්‌කර 99 ක ප්‍රදේශයක්‌ පූජා භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත්කිරීම සඳහා අනුමැතිය ඉල්ලා ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

අභය භූමියක්‌ ලෙස ප්‍රකාශිත ශ්‍රීපාද අඩවියේ පූජා භූමියක්‌ ලෙස වෙනස්‌ කළහොත් එහි ස්‌ථිර ගොඩනැඟිලි ඇතුළු ඉදිකිරීම් කළ හැකි බවත් ඒ අනුව සංචාරක කලාපයක්‌ කිරීමේ මූලික කටයුතු ආරම්භ වන බවත් හෙතෙම පැවසීය.

මේ අනුව හකුළා ගනු ලැබූ කේබල් කාර් ව්‍යාපෘතිය නැවත නව ආරකින් සක්‍රීය කරනු ඇති බව පැවසූ රවීන්ද්‍ර කාරියවසම් මහතා ශ්‍රීපාද අඩවිය රැකගැනීමට සිංහල, බෞද්ධ, ක්‍රිස්‌තියානි, දමිළ සෑම සියලු දෙනා ආගම් බේදයකින් තොරව එක්‌විය යුතු බවත් සඳහන් කළේය.

0 comments:

Post a Comment