වෙන්නප්පුවේ 11 හැවිරිදි දැරියක ගෙල වැලලාගෙන මිය යයි (Video) ~ niruwatha

Tuesday, April 29, 2014

වෙන්නප්පුවේ 11 හැවිරිදි දැරියක ගෙල වැලලාගෙන මිය යයි (Video)

වෙන්නප්පුව ප්‍රදේශයේදී අබිරහස් ලෙස දරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන්පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ, ශෂිකා දුලානි නමැති වයස අවුරුදු 11 දැරියකි.
ඇය බොරලැස්ස ශාන්ත ආනා විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇත.
දුලානිගේ මව ගෘහ‍ සේවය සදහා විදෙස් ගත වී සිටින අතර පියා වඩුකාර්මිකයෙකි.
අප වාර්තාකරු පැවසුවේ,  දුලානි තම නිවුන් සහෝදරයා සහ පියා සමග නිවසේ වාසය කළ බව ය.
ඊයේ පස්වරුවේ සහෝදරයා සමග මිදුලේ සෙල්ලම් කරමින් සිටි ඇය පසු ව දක්නට නොසිටි නිසා විපරම් කර බැලූ බව අසල  නිවසේ වාසය කරන දුලානිගේ නැන්දණිය පැවසුවා ය.


0 comments:

Post a Comment