ජා – ඇල නව සභාපති කුණු ට්‍රැක්ටරයෙන් සභාවට පැමිණෙයි (Video) ~ niruwatha

Tuesday, April 29, 2014

ජා – ඇල නව සභාපති කුණු ට්‍රැක්ටරයෙන් සභාවට පැමිණෙයි (Video)

ජා – ඇල නව සභාපතිවරයා අද නගර සභා ට්‍රැක්ටරයෙන් සභාවට පැමිණියේ ය
ඔහු චෝදනා කරන්නේ, වැඩබලන සභාපති ලෙස කටයුතු කළ උප සභාපතිවරයා තව ම ත් සභාපති නිල රථය භාර දී නොමැති බව ය.
ජා – ඇල නගර සභා‍වේ නව සභාපති ලෙස අංජු පෙරේරා මහතා ඊයේ සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය.
එහෙත් නිල රථය නොමැති වීමෙන් ඔහු අද රාජකාරියට වාර්තා කළේ, නගර සභාවට අයත් කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටරයකිනි.
ජා – ඇල නගර සභාවේ අයවැය දෙවරක් පරාජය වීම හේතුවෙන් එහි හිටපු සභාපතිවරයාගේ තනතුරු අහිමි වූ අතර ඒ අනුව උප සභාපති ශම්මික ඩයස් මහතා මාස තුන හමාරකට අධික කාලයක් සභාපති ධුරයේ වැඩ බැලීය.
නමුත් ඔහුට සභාපති ධුරය හිමි නොවූ අතර සභාපති ධුරය හිමි වූයේ, අංජු පෙරේරා මන්ත්‍රීවරයාට ය.
මේ අතර ජා – ඇල නගර සභාවේ උප සභාපතිවරයා පවසන්නේ, නව සභාපතිවරයකුගේ වැඩ භාර ගැනීමක් පිළිබඳව තමන් දැනුවත් වී නොමැති බව ය.
ජා – ඇල නගර සභාවේ නව සභාපති අංජු පෙරේරා පවසන්නේ, වැඩ බලන උප සභාපතිවරයෙකුට නිල රථයක් පාවිච්චි කිරීමට හැකියාවක් නොමැති බව ය.


0 comments:

Post a Comment