චීනයේ දුම්රියපොළකට මාරක ප්‍රහාරයක් (PHOTOS) ~ niruwatha

Wednesday, April 30, 2014

චීනයේ දුම්රියපොළකට මාරක ප්‍රහාරයක් (PHOTOS)

චීනයේ ෂින්ජියෑං ප්‍රදේශයේ පිහිටි දුම්රිය ස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 79 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඒජන්සි වාර්තාවල දැක්වෙන්නේ, මෙහිදී බෝම්බයක් පුපුරුවා හැර ඇති අතර ත්‍රස්තවාදීන් පිරිසක් දුම්රිය ස්ථානයේ සිටි පිරිසකට පිහිවලින් ද ඇන ඇති බව ය.
මෙය ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් බව චීන බලධාරීහු පවසති.
මෙම ප්‍රහාරය සාමාන්‍ය ජනතාව ඉලක්ක කර එල්ල කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළිව තිබේ.
ප්‍රහාරය එල්ල වී සුළු මොහොතකට පසු චීන ජනාධිපතිවරයා එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කළේ ය.
චීනයේ දුම්රියපොළකට මාරක ප්‍රහාරයක් (PHOTOS)

china blast

china blast2



0 comments:

Post a Comment