ෆුල් ෆේස් යතුරු පැදි කරුවන්ට ආයෙත් නරක දසාවක් ~ niruwatha

Sunday, April 27, 2014

ෆුල් ෆේස් යතුරු පැදි කරුවන්ට ආයෙත් නරක දසාවක්

සහමුලින්ම මුහුණු ආවරණය වන පරිදි හිස්‌ වැසුම් (ෆුල් ෆේස්‌ හෙල්මට්‌) පැළඳ යතුරුපැදිවලින් ගමන් කරන අය පරීක්‍ෂා කරන වැඩපිළිවෙළක්‌ ආරම්භ කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා ඊයේ (27 වැනිදා) පැවැසීය.

දිගින් දිගටම දිවයිනේ සිදුවන බැංකු හා ස්‌වර්ණාභරණ වෙළෙඳ සල් කොල්ලකෑම් වැඩි වීම හේතුවෙන් ඒවා තවදුරටත් වැළැක්‌වීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද හෙතෙම කීය.

දැනට එවැනි කොල්ලකෑම් සිද්ධීන් 14 ක්‌ වාර්තා වන බවත්, ඉන් සිද්ධි 3 ක්‌ විසදා ඇති බවත් හෙතෙම කියා සිටියේය.

"ෆුල් ෆේස්‌ හෙල්මට්‌ දාගෙන මංකොල්ලකෑම් කරන අපරාධකරුවන් හිතන්න එපා පොලිසියට හොයා ගන්න බැරිවෙයි කියලා. අපි කොහොම හරි ඒ අය අල්ලනවා. අපරාධයක්‌ කරලා කිසිවකුටවත් සැඟවී සිටිය නොහැකියි." යෑයි ද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් කීය.

2 comments:

සිංහලයෙක් said...

බුර්කාව ඇදන් ගියා නම් එක බල්ලෙක්වත් මුකුත් කියන්නේ නැහැ.

hambayek said...

ubalage ewunkamba horune....ekane oya kada kadanne penne nedda sb mahaththaya kiyapu kathawa

Post a Comment