හිමාලි කොට ගවුම් අදිනවට රන්ජන් කැමතිලු ~ niruwatha

Monday, April 28, 2014

හිමාලි කොට ගවුම් අදිනවට රන්ජන් කැමතිලු

ජනප්‍රිය නළුවෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන රන්ජන් රාමනායක ජනප්‍රිය නිළියක් වන හිමාලි සිරිවර්ධනට කොට ගවුම් අන්දවන්න ගිය කතාවක් මේ දවස්වල ආරංචි වෙනවා.
මෙම කොට ගවුම් සම්බන්ධයෙන් සමාජයේ කතා බහට පත් වුණේ පුවත්පතක් විසින් රන්ජන්ගෙන් අසන ලද ප්‍රශ්න කිහිපයක් මුල්කර ගනිමින්ය.
එහිදී හිමාලි සිරිවර්ධනට ගැලපෙන ඇඳුම මොකක්ද කියලා ඇහුවාම. රන්ජන් කියලා තියෙන්නේ මෙන්න මේ වගේ උත්තරයක්‍.
”හිමාලිට හරිම ලස්සනයි කොට ගවුම්.එයාගෙ ඇඟේ හැඩෙත් එක්ක කොට ගවුමට නම් එයා හරිම ලස්සනයි.” යනුවෙනි.
“රන්ජා”  චිත්‍රපටයේ සිංදුවක් රූගත කරද්දී  හිමාලිව ලස්සනට දැක ඇති බවද එහිදී රන්ජන් කියලා තියෙනවා.
කොහොම වුණත් රන්ජන් කියලා තියෙන මේ දේවල් වලින් කවදා හරි හිමාලිගේ සැමියා සහ රන්ජන් මුණගැසුණු දවසට මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ කියලයි සමාජයේ නම් කතා බහට ලක් වෙන්නේ.

0 comments:

Post a Comment