හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසන්නේ ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමෙන් පසු එම සංවිධාන ජාත්‍යන්තර වශයෙන් ද තහනම් කිරීමට හැකියාවක් ඇති බවයි.
ශ්‍රී ලංකාව තුළ තහනමට ලක්කර ඇති සංවිධාන මෙසේය.
1 දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය
2 දෙමළ පුනරුත්ථාපන සංවිධානය නොහොත් ටී.ආර්.ඕ
3 දෙමළ සම්බන්ධීකරණ කමිටුව නොහොත් ටී.සී.සී
4 ලෝක දෙමළ ව්‍යාපාරය
5 කැනේඩියානු දෙමළ කොංග්‍රසය
6 ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය
7 ගෝලීය දෙමළ සම්මේලනය
8 කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය නොහොත් මක්කල් අවෙයි
9 දෙමළ ජාතික කවුන්සිලය
10 දෙමළ තරුණ සංවිධානය
11 ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව
12 කල්පිත ඊළාම් රාජ්‍යයක් සඳහා වූ සංවිධානය
13 දෙමළ ඊළාම් ජනතා එකතුව
14 ලෝක දෙමළ සහනාධාර අරමුදල
15 මූලස්ථාන සංවිධානය
16 බ්‍රිතාන්‍ය දෙමළ සමුළුව
තවද, එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුලූ ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක සංවිධාන 16 ක් තහනම් කළේ ත්‍රස්තවාදය මැඩලීම සහ ඔවුන්ගේ මූල්‍ය කටයුතු නැවැත්වීම අරමුණු කරගනිිමින් බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් 2001 වසරේදී සම්මත කරගත් ඊට අදාළ යෝජනාවට විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් අත්සන් කර තිඛෙනවා. ඒ අනුව මෙලෙස තහනම් කළ සංවිධාන වෙත මුදල් ලබාදීම සහ වෙනත් ගනුදෙනු සිදුකිරීමද සපුරා තහනම්වනවා.
එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු ශී‍්‍ර ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් විදෙස් රටවල සිට කි‍්‍රයාත්මක වන සංවිධාන 16 ක් තහනම් කිරීමට රජය තීරණය කළ බව අද වාර්තාවුණා. ඒ අනුව වී.රුද්රකුමාරන් විසින් පවත්වාගෙන යන කල්පිත ඊළාම් රාජ්‍යයයක් සඳහා වූ සංවිධානය හෙවත් ටී.ජී.ටී.ඊ., ලෝක දෙමළ සංසදය, බි්රතානය දෙමළ සංසදය ඇතුළු විදෙස් රටවල සිට කි‍්‍රයාත්මක වන එල්.ටී.ටී.ඊ. ය ඇතුළු සංවිධාන 16 ක් මෙලෙස තහනම් වනු ඇති.