ඔව්.... කවුද මේ...?
මේ මම... ....... ......මගේ සුබපැතුම් පිරිනමන්නයි කතා කළේ...
අනේ... බොහොම ස්‌තුතියි අයියේ...
ඒක නෙවි... දැන් අපි මන්ත්‍රීතුමී කියලද කතා කරන්න ඕන?
අනේ මේ විකාර කතා නොකර ඉන්න ... අයියේ....
නැත්නම් ඔයාට... තරහා යාවිනේ... ඒකයි... මම එහෙම ඇහුවේ...·
මට මේ පසුගිය ටිකේ කියාපු ඒවටයි කරපු දේවල් වලටයි, තරහා ගියා නම් මම මෙළහකට මැරෙන්න ඕනෑ... ගීතා සිනා සෙමින් කියයි.
ඒක නෙවි දැන් ඔයා ඉන්නේ ගමේද.... නැත්නම් කොළඹ ද?
ගමේ... ගමේ... මම මෙහෙන් ගෙයක් කුලියට ගත්තා. අපේ මහ ගෙය රෙපයාර් කරමින් ඉන්න කොට තමයි ඡන්දෙ ආවේ... ඉතින් ඡන්දෙ කළා නේ...
කොළඹ ඇවිත් යන්නවත් එන්නෙ නැද්ද?
දැන් නම් මට කොළඹ එන්නෙම හිතෙන්නේ නැහැ... මෙහෙම ඉන්න එක හොඳයි කියලා හිතෙනවා...
1:13 PM
Unknown
Posted in: