කෑගල්ල ප්‍රදේශයේ හමුදා කඳවුරකට අනුයුක්තව සිටින මෙම සෙබළා පෞද්ගලික මුද්‍රණ ආයතනයකට රුපියල් ලක්ෂ 90 ක් වටිනා නෝට්ටු මුද්‍රණය කර දෙන ලෙස ඉල්ලා ඇති අතර ඒ පිළිබඳව එම මුද්‍රණ ආයතනය පවත්වා ගෙන ගිය අය විසින් පොලිසියට දැනුම් දී ඇත. පසුව පොලිසිය ගොස් සෙබළාගේ නිවෙස වැටලූ අවස්ථාවේ අදාළ ව්‍යාජ නෝට්ටු පොලිසියට හමුවී තිබේ.
ඒ අනුව මොහුගේ නිවසේ තිබී ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු 520 ක්, රුපියල් දහසේ නෝට්ටු 10 ක් සහ නෝට්ටු මුද්‍රණය කිරීමට භාවිත කළ ප්‍රින්ටරයක් හා ලැප්ටොප් පරිගණකයක් ද සොයාගෙන ඇත.
මෙම ව්‍යාජ රුපියල් 5000 නෝට්ටුවල අනුක්‍රමික අංකය වන්නේ Rරැ21 392082 සහ රුපියල් 1000 නෝට්ටුවල අනුක්‍රමික අංකය වන්නේ Sරැ37 686138 බව පොලිසිය කියා සිටී.
අත්අඩංගුවට ගත් පුද්ගලයා බෙරගල බලසේනා මූලස්ථානයේ සේවය කරන අතර වයස අවුරුදු 30 ක් වන කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ අධීක්ෂණය යටතේ කෑගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.