වෙනුශාගේ පාසලේ කළුවර කාමරේ නීතියෙන් වසන් කරන්න දඟලන දේශපාලන ප්‍රභලයෙක් ~ niruwatha

Tuesday, April 1, 2014

වෙනුශාගේ පාසලේ කළුවර කාමරේ නීතියෙන් වසන් කරන්න දඟලන දේශපාලන ප්‍රභලයෙක්

කුරුනෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ වෙනුෂා ඉමන්දීගේ සිද්ධියට සම්බන්ද එම විදුහලේ කළුවර කාමරය ගැන නීතියෙන් වසන් කරන්නට ප්‍රභල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව අපට මේ ව වන විට දැන ගන්නට ලැබී ඇත.

එම සිද්ධිය වෙනුවෙන් අධිකරණය හමුවේ සාක්ෂි ඉදිරපත් කිරීමට සුදානම් වූ මවට, විදුහලේ ගුරුවරුන්ට සහ ශිෂ්‍ය දරුවනට එරෙහිව දුරකථන මාර්ගයෙන් මරණ තර්ජනද එල්ල වී ඇත.තවද එම විදුහලේ පවතින අඳුරු කාමරයේ ඡායාරූප පවා මේ වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇත.

මෙම සිද්ධිය සම්බන්දයෙන් සාක්ෂි ඉදිරිපත්කිරීමට එකඟ වූ විදුහලේ ගුරුවරුන් කිහිපයකට මාරුවීම් ලිපි ලැබී නැවත ඒවා අවන්ලන්ගු කර අත්තේ බිය වද්දන ස්වරූපයෙන් වේ...

ප්‍රදේශයේ පොලිසිය පවා මෙම නිර්නාමික හා නාමික දුරකථන ඇමතුම් පිලිබන්දව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බව නම හෙළි කිරීමට අකමැති පාසල් සිසුවියකගේ මවක් අප වෙත පැවසීය.අප මේ පිළිබඳව ප්‍රදේශයේ උසස් පොලිස් නිළදාරියකුගෙන් විමසු විට ඔහු පැවසුවේ ,

දැනට උද්ගතවී ඇති මෙම තර්ජන ගර්ජන සඳහා පරීක්ෂණ පැවැත්වීම ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිදු කරන බැවින් තවත් පරීක්ෂණ අනවශ්‍ය බවයි...