එම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ වෙනුෂා ඉමන්දි බණ්‌ඩාර සිසුවිය ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගැනීමේ සිදුවීම මත ජාතික ළමා ආරක්‌ෂක අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට පසුගිය මාර්තු 03 වැනි දින ඔහු ඉදිරිපත් කරන ලදී.
විදුහල්පති එදින ඇපමත නිදහස් කිරීමෙන් අනතුරුව සියදිවි හානිකරගත් වෙනුෂා සිසුවියගේ දෙමාපියන්ට සහ එම පාර්ශ්වයට ජංගම දුරකථන මගින් මර”ය තර්ජන එල්ල කර ඔවුන් බිය වැද්දීම, විද්‍යාලයේ සේවයේ නිරතවන ගුරු භවතුන් හතර දෙනකුට ජංගම දුරකථන මගින් මර”ය තර්ජන එල්ල කිරීම පිළිබඳව ඔවුන් කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ පැමිණිලි කර තිබේ.
ජාතික ළමා ආරක්‌ෂක අධිකාරියේ නිලධාරීන් දෙදෙනෙක් අධිකරණයට මේ බව වාර්තා කිරීමෙන් අනතුරුව මෙම කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම නඩුවේ වගඋත්තරකරු වන විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න අප්‍රියෙල් 11 වැනි දින තෙක් රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කෙරිණි.