කුඩා දැරියක අමෙරිකානු ජනපති ආර්යාවගේ සිත සසල කරයි (VIDEO) ~ niruwatha

Friday, April 25, 2014

කුඩා දැරියක අමෙරිකානු ජනපති ආර්යාවගේ සිත සසල කරයි (VIDEO)

මාතර පියෙකු විසින් දැරියන් දෙදෙනෙකු ගඟට විසි කිරීමේ සිද්ධි‍යක් ඊයේ මෙරටින් වාර්තා වන විට කුඩා දැරියක් තම පියා වෙනුවෙන් පියාගේ රැකියා අයදුම්පතක් ජනපති ආර්යාවට ඉදිරිපත් කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.
කුඩා ළමුන් වෙනුවෙන් පැවති සම්මන්ත්‍රණයකදී 10 හැවිරිදි චාර්ලට් බෙල් නමැති එම දැරිය එය ඉදිරිපත් කළා ය.
එය ජනාධිපති ආර්යාව වන මිෂෙල් ඔබාමා වෙත දිගු කරමින් දැරිය පැවසුවේ, සිය පියා වසර තුනක සිට රැකියාවක් නොමැතිව සිටින බව ය.
එම අවස්ථාවේ විස්මයට පත් වූ මි‍ෂෙල් ඔබාමා එය භාර ගනිමින් එම දැරිය සිප ගත්තා ය.
ඇය පසුව සඳහන් කළේ, මෙය පෞද්ගලික කාරණයක් වුව ත්, එම දැරිය සිය පියා වෙනුවෙන් යමක් කළ බව ය.

0 comments:

Post a Comment