හමුදාවේ පොලීසියේ බලයෙන්, මැර බලයෙන්, දාමරිකකම් වලින් ජනතාව පීඩාවට පත් කරමින් රට පාලනය කරන වත්මන් පාලකයා ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උදවු ගන්නා බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ ජනතාව පීඩනයට පත් කරමින් පාලනය ගෙන ගිය ලෝකයේ රාජ්‍යන් වලට මැදිහත්ව ඔවුන් එළවා දැමීමට පසුගිය කාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කි‍්‍රයා කළ ආකාරයට ශ‍්‍රී ලංකාවටද එම සංවිධානයේ පිළිසරණ පැතීමට සිදුවන බවයි.
‘මානව හිමිකම් කඩ කරන රාජ්‍යන් වලට මැදිහත් වෙලා ඒකාධිපති පාලකයන් එළවා දැමීමට එක්සත් ජාතීන් වැනි ලෝක සංවිධාන විසින් එම රටවල ජනතාව බේරාගත් ආකාරය පහුගිය කාලයේ අප දුටුවා. අපේ රටේ මානව හිමිකම් කඩ කරන නිසා එයට එරෙහිව යෝජනාවක් පවා ඔවුන් සම්මත කර ගත්තා. අපි එවැනි පියවරවල් වලින් ඉදිරියටත් යා යුතුයි.
ලෝකය පිළිගත් ක‍්‍රමයකට මොහු ඉවත් කිරීමේදී බලය පාවිච්චි කිරීමක්ද සිදුවිය හැකිය. අපි ත‍්‍රස්තවාදියෙක් වුණු ප‍්‍රභාකරන් ඉවත් කළෙත් බලය පාවිච්චි කරලයි. ඒ විදියට රාජ්‍ය ත‍්‍රස්තවාදියෙක් වුණු මේ පාලකයා ඉවත් කිරීමේදී බලය පාවිච්චි කිරීමට සිදුවෙනවා. පීඩාවට ලක් වෙලා ඉන්න මේ රටේ ජනතාව වෙනුවෙන් ලෝක ප‍්‍රජාව ඒ තීරණය ගනීවි.හැබැයි ඒක හම්බන්තොට බලය පාවිච්චි කිරීම වගේ එකක් නොවෙයි’ යැයි ෆොන්සේකා මහතා එහිදී කීය.
එම වීඩියෝව - https://www.youtube.com/watch?v=I44ksaZ4LbE
2:25 AM
Unknown

Posted in:
1 comments:
ane buruvo tho hadanne me ratath irkaya , libiyava vage karannada,,,thota thiyenne rata hadanna one amaruvak nemei pali ganime amaruvak...
Post a Comment