මිනී මැරුවා චෝදනා යටතේ දුමින්ද සිල්වාට නඩු ~ niruwatha

Saturday, May 3, 2014

මිනී මැරුවා චෝදනා යටතේ දුමින්ද සිල්වාට නඩු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයන් සිවු දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව මිනී මැරුම් චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 13න් දෙනෙකුට එරහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා බැලු බැල්මට ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බවට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ තීරණය කළේය.2011 ඔක්තෝම්බර් 8 වෙනිදා මුල්ලේරියාවේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයන් 4 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්භන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 13න් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ ඇතුළු පසුව එම විත්ති කරුවන්ට අධිකරණය විසින් ඇප ලබා දෙන ලදී.

ඉන් අනතුරුව දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන්ට එරහිව මිනී මැරුම් චිධනා යටතේ කොළඹ මහාධිකරණය යටතේ නඩු පැවරීමට බැලු බැල්මට ප්‍රමාණවත් සාක්ෂි තිබේද නද්ද යන්න තීරණය කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා යටතේ විභාගයක් පැවැත්විණි.

එහි තීන්දුව ඊයේ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියන ගේ මහතා විසින් ප්‍රකාශයට පත් කෙරිණි.මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතී සාක්ෂි විභාගයේදී ලැබුණු සාක්ෂි හා පදනම්ව වික්ති කරුවන්ට මහාධිකරණය හමුවේ නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බවට තීරණය කලයි අතිරේක මහේස්ත්‍රාත් වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළහ.විත්තිකාර දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්ති කරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.බස්නාහිර පළාත සභා මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අධිකරණය වෙත පැමිණ සිතියාහ.

0 comments:

Post a Comment