ජාතික නිදහස් පෙරමුණේ මෙවර මහා සමුළුව ආණ්ඩුවට රතු නිවේදනයක් එල්ල කිරීමක් බව එහි නායක, ඇමැති විමල් වීරවංශ මහතා පැවැසීය.
හෙට (05දා) පස්වරු 2.30ට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම සමුළුව ආරම්භ කිරීමට නියමිත අතර, එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සහ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනතාව සමඟ පුළුල් සංවාදයක් ඇති කර ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කෙළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව සමඟ ඇති ගැටලු කඩිනමින් විසදා ගැනීමට නොහැකිනම්, සන්ධානයේ හිඳිමින් ව්‍යාජ එකමුතුවක් පෙන්වීමට තම පක්‍ෂයට අවශ්‍ය නොවන බවද ඇමැතිවරයා 'ඉරිදා මව්බිම' සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.
9:32 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment