දේශපාලන පරාජිතයකු කියා ඇමරිකාවේදී රනිල්ව කොන් කරයි.දේශනය අහන්න පැමිණියේ 5 දෙනෙක් විතරයි. ~ niruwatha

Wednesday, May 7, 2014

දේශපාලන පරාජිතයකු කියා ඇමරිකාවේදී රනිල්ව කොන් කරයි.දේශනය අහන්න පැමිණියේ 5 දෙනෙක් විතරයි.

ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ උගන්වනු ලබන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දේශනයක් සංවිධානය කිරීමට විශ්වවිද්‍යාල සංවිධායක වරුන් පසුගිය දා කටයුතු කර තිබුනද එම දේශනය සඳහා පස් දෙනෙකු පමණක් සහභාගී වී සිටීම නිසා අවසාන මොහොතේදී දේශනය අතහැර දැමීමට සංවිධායක වරුන්ට සිදු විය.

ඒ අනුව මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ බලධාරීන් සිසුන්ට දන්වා තිබුනේ ලංකාවේ වත්මන් විපක්ෂනායක වරයා මෙන්ම දෙවතාවක් අගමැති වරයාද වන රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයක් මැයි මස පළමු වන දින පැවැත්වෙන බවත් කැමති සිසුන් ඊට සහභාගී වන ලෙසත්ය.

ඒ අනුව සිසුන් රනිල් වික්‍රමසිංහ මහතා යනු කවරෙක්ද ඒ මහතාගේ විශේෂ හැකියා මොනවාද යන්න අන්තර්ජාලයෙන් පිරික්සා ඇත.එහිදී ඔවුනට රනිල් වික්‍රමසිංහ යනු දේශපාලන පරාජිතයකු බවත් මැතිවරණ 29 කින් පරාජයට පත්ව ඇති බවත් ඒ අතරට මහා මැතිවරණ 3ක් සහ ජනාධිපතිවරණ 2ක්ද ඇතුලත් බවත් දැනගන්නට ලැබී තිබිණි.

ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ දේශනයට සහභාගී වීම විශ්ව විද්‍යාල සිසුන් ප්‍රතික්ෂේප කර ඇති නිසා එම දේශනයට පැමිණ ඇත්තේ සිසුන් 4 දෙනෙකු පමණි ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතාත් එම වැඩසටහන මෙහෙයවීමට පැමිණි තැනැත්තාත් සමග ශාලාවේ 6දෙනෙකු පමණත් සිටීම නිසා ඉතා අසරණ තත්වයට පත් සංවිධායක වරුන් දේශනය අවලංගු කර සංවාදාත්මක හමුවක් ලෙස එය පැවැත්වීමට කටයුතු කර ඇත.

1 comments:

රාජ පස්ස said...

එන්නද ගොසින් චාටර් කල උන්ට ගසා....

Post a Comment