නිදන් හොරුන් නිසා මෙරට පෞරාණික උරුමය විනාශ වෙමින් ඇතැයි බොදුබල සේනා සංවිධානය චෝදනා කරනවා. එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පෙන්වා දෙන්නේ නිදන් හොරුන්ට එරෙහිව නීතිය නිසි පරිදි කි‍්‍රයාත්මක නොවන බවයි. පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති මීගහහේන, කඹේදැම්මගල ප‍්‍රදේශයේ සිදුවන නිදන් හෑරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා බොදුබල සේනා සංවිධානයේ සාමාජිකයන් ඊයේ එම ස්ථානයට පැමිණියා. එහිදී නිදන් හාරමින් සිටි පිරිස ජීප් රථ දෙකකින් සහ ට‍්‍රැක්ටරයකින් පලා ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මෙම පුරාවිද්‍යා භූමියේ ඇති සදුන් ගස් විශාල ප‍්‍රමාණයක්ද නිදන් හොරුන් විසින් කපා රැගෙන ගොස් තිබෙනවා. මෙවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට බලධාරීන් අවධානය යොමුකළ යුතු බවයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පෙන්වා දුන්නේ.
පොලීසියෙන් නිසි ආකාරයෙන් නීතිය කි‍්‍රයාත්මක නොවීම නිසා මෙරට ගම්බදව ජීවත්වන බහුතර ජනතාව පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඒවා හෝ වෙන වෙනත් දේවල් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමෙන් වැළකී සිටිනවා. ඊයේ මහියංගණයේ ඇති වූ තත්ත්වයත් එවැනි දෙයක්. ඇතැම් පොලීසිවල මැදිහත් වීමකින් පුරාවස්තු සංහාරයක් කරන බවට මේ ප‍්‍රජාව දැනුම් දුන්නා. ඒ අනුව අදාළ වගකිවයුතු සියලූ පාර්ශ්වයන්ට අවස්ථා ගණනාවක්, වාර ගණනාවක් ඉහළම පෙලේ අයට අපි දැනුම් දුන්නා. ඒත් ඔවුන් අවධානයක් යොමු නොකිරීම නිසා අපිට සිදු වුණා ජනතාවගේ ඉල්ලීමට කන්දී මෙම ස්ථානය ගැන සොයා බැලීමට. ඉතින් අපි දැක්කා විශාල සංහාරයක්. අපි දන්නේ නැහැ ඒවායේ නිදන් තියෙනවද නැද්ද කියන්න. ඉතින් මේ නිදන් හොරුන් නිසා අපේ රටේ උරුමය වැනසෙන බව නම් ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්.
මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කළද ඔවුන් නිසි පරිදි නීතිය කි‍්‍රයාත්මක නොකිරීම හේතුවෙන් ජනතාව තුළ අප‍්‍රසාදයක් මතුව ඇතැයි ද උන් වහන්සේ පෙන්වා දුන්නා.
අපට තොරතුරක් ලද සැණින් අපේ පළමු රාජකාරිය තමයි අදාළ පොලීසිවල ප‍්‍රධානීන්ට කතා කරලා දැනුවත් කිරීම. දෙසතියක් තිස්සේ සිදු කෙරෙන මෙම පුරාවස්තු සංහාරය පිළිබඳ දැනුවත් කළද නිසි කි‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ. ඒ අනුව තමයි අපි ජනතාවගෙන් ලැබෙන තොරතුරුවලට අනුව අපි එම ස්ථානයට ගිහින් සොයා බැලූවා. අපි බලමු ඉදිරියටවත් මේ නීතිය හරියට කි‍්‍රයාත්මක කරයිද කියලා. පොලීසිය පිළිබඳ ඇති විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු තැන තමයි අපිට කියන්නේ ඔබ වහන්සේලාවත් මේ පිළිබඳ සොයා බලන්න කියන්නේ. ඉතින් ඒක තමයි ඇත්ත.
8:37 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment