මාදුළුවාවේ සෝභිත හිමිව විවේචනය කරන්න එපා - ජනපති මාධ්‍ය වලින් ඉල්ලයි - ~ niruwatha

Thursday, May 8, 2014

මාදුළුවාවේ සෝභිත හිමිව විවේචනය කරන්න එපා - ජනපති මාධ්‍ය වලින් ඉල්ලයි -


සංඝයා වහන්සේ විවේචනය කිරීම හෝ උන්වහන්සේට අපහාසයක් උපහාසයක් ඇතිවන ආකාරයේ ප්‍රචාරක කටයුතුවලින් වළකින්නැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය ආයතනවලට ඊයේ (8) උපදෙස් දුන්නේය.

සංඝයා වහන්සේ කුමන දේශපාලන අදහස් දැරුවත් ඒවා විවේචනය කිරීමට හෝ උන්වහන්සේට අපහාසයක් උපහාසයක් ඇතිවන ආකාරයේ ප්‍රචාරක කටයුතුවල නොයෙදෙන්නැයි සියලු මාධ්‍ය ආයතනවලට උපදෙස් ලබා දුන්නේය. විශේෂයෙන්ම පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේට එරෙහිව ඇතැම් මාධ්‍ය තුළින් ප්‍රකාශ නිකුත් වී ඇති බවට පුවත් පතක පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු වීමත් සමඟ මෙම උපදෙස් ලබා දුන්නේය.

0 comments:

Post a Comment