7 වෙනි වතාවටත් වැටලූ පුරහලේ සුදු පොළ ~ niruwatha

Thursday, May 8, 2014

7 වෙනි වතාවටත් වැටලූ පුරහලේ සුදු පොළ

කොළඹ පුරහල ප්‍රදේශයේ වජිරා නෙත්ති කුමාරට අයත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යමින් තිබු සුදු පොලක් ඊයේ (8) පස්වරුවේ 7 වන වතාවටත් වටලනු ලැබුවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනු ලැබුවේ එහිදී සැකකරුවන් 34 දෙනෙකු ඇත අඩංගුවට ගත බවයි.

ඒ අතර සුදුවට පැමිණි සැකකරුවන් 29 දෙනෙකු සහ එක සකකාරියක්ද සේවකයන් 7 දෙනෙකුද වෙයි.මේ සුදු පොළ මීට පෙර අවස්ථා 6කදී වටලා සැකකරුවන් 222 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.පෙර අවස්තාවකදී එවැනි වැටලීමක් කල කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුද පසුව දෙනු ලැබුවා.ඉන් අනතුරුව සුදු පොළ පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ හිමිකරු වන වජිරා නෙත්තිකුමාර යන යට විරුද්ධව ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචියකින් තොරව සුදු පොලක් පවත්වාගෙන යාමට එරහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරනයෙ නඩු පවරනු ලැබුවේය.සැකකාර වජිරා නෙත්තිකුමාර මේ වනවිටත් රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර අප දෙකක් මත සිටියි.

0 comments:

Post a Comment