යුරෝපයේ පළමු තැන නංගි මල්ලියෙක්ට (Photos / Video) ~ niruwatha

Wednesday, May 21, 2014

යුරෝපයේ පළමු තැන නංගි මල්ලියෙක්ට (Photos / Video)

යුරෝපයේ වාර්ෂිකව පැවැත්වෙන විශාලතම සංගීත සැණකෙළිය වන යුරෝ විෂන් ගායන සැණකෙළිය ජය ගැනීමට ඔස්ට්‍රියාව සමත් උනා .ඔවුන් මෙම ජයග්‍රහණය ලබා ගනු ලැබුවේ 1996න් පසුව වීම විශේෂත්වයක්.ඔස්ට්‍රියාව නියෝජනය කරමින් තරඟ වැදුණු කෙන්චිටා වර්ත් අවසන් තරඟයේ රැස් කල ලකුණු සංක්‍යාව 290ක් එහි දෙවන ස්ථානය නෙදර්ලන්තයටත් තෙවන ස්ථානය ස්වීඩනයටත් හිමි උනා.ඩෙන්මාර්කයේ කෝපන් හේගන් නුවරදී මෙම ගායන තරඟය මෙවර පැවත් වුනේ 59 වන වරටයි.ඊට සහභාගී වුනු රටවල් සංක්‍යාව මිලියන 40ක්. මිලියන 180 කට අධික පිරිසක් මෙම ගායන තරඟය සජීවීව නරඹා තිබෙනවා.

මෙහි ජයග්‍රාහකයා සුවිශේෂී වන්නේ ඔහු ලිංගික විපර්යාසයට ලක් වූ පුද්ගලයකු බැවිනි.ලෝකය ගැහැනියගේ සහ පිරිමියාගේ යන්න තව දුරටත් අදාළ නොවේ.දෙවියන් වහන්සේ විසින් මැවීය යන දේව සංකල්පය අභියෝගයට ලක් වෙමින් ලොව මානව ඉතිහාසයේ පිරිමියාට සහ ගැහැණියට අමතරව වෙනත් මිනිස් ජීවිත මෙම මිහිතලයේ සිටින බව මේ වන විට ලෝකය තුල අනාවරණය වී ඇත.මේ හෙළි දරව් වීම ගැහැණියට පිරිමියාත් පිරිමියාට ගැහැණියත් යන නෛතිකය පවා වෙනස් කරන්නට සමත් වූ මානව සංහතියේ එක අවස්තාවක් බවට පත් වී ඇත.ලෝකය පුරා මෙතෙක් සඟවා සිට අනන්‍යතාවය හෙළි නොකරමින් සිටි බොහෝ දෙනා තම මානසික ගුහා වලින් පිටතට පැමිණෙමින් සිටී. ඉන්දියාව තෙවන ලිංගිකත්වය මෑතකදී නීත්‍යානුකුලව පිළිගනු ලැබීය.




කොන්චිටාගේ ජායාරුප එකතුවක් පහතින්.



Austrian drag queen Conchita Wurst poses with the trophy after winning the 59th annual Eurovision Song Contest at the B&W Hallerne in Copenhagen May 11, 2014. REUTERS Photo





















0 comments:

Post a Comment