මේ දිනවල සෞදිය ඇතුළු මැදපෙරදිග රටවල පැතිර යන දරුණු කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් එම රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය සඳහන් කරයි.
පසුගිය දිනවල සෞදි අරාබිය තුළ වැඩි වශයෙන් ව්‍යාප්ත වු මෙම වෛරසය අසාදනය වීමෙන් 2012 වසරේ සිට මේ දක්වා ලොව පුරා පුද්ගලයින් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවය.
එමෙන්ම නෝවල් කොරෝනා වෛරසය, සාර්ස් වෛරස් කාණ්ඩයට අයත් වන අතර 2003 වසරේ සාර්ස් වෛරසය හේතුවෙන් පුද්ගලයින් 770 දෙනෙකු ජීවිත්කෂයට පත් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් න්ර්හස.
මෙම තත්ත්වය සැලවුණු වහාම විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා විසින් රැකියා සඳහා මැදපෙරදිගට පිටවන සියලුම ශ්‍රමිකයන්ට මුඛ ආවරණ ලබා දෙන ලෙස කාර්යාංශය බලධාරීන්ට උපදෙස් ලබා දුන් බව, සභාපති අමල් සේනාලංකාධිකාර මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව, විදේශ රැකියා සඳහා පිටවීමට පෙර රැකියා ගිවිසුම් අත්සන් කරන අවස්‌ථාවේදී මුඛ ආවරණය බැගින් එම ශ්‍රමිකයන්ට ලබාදීමේ වැඩ පිළිවෙළ ආරම්භ කොට තිබේ. මුඛ ආවරණ 50000 ක් මේ වන විටත් ලබාගෙන තිබේ. එසේම දැනට සේවය කරන ශ්‍රමිකයින්ද මෙරට පවුල් හරහා දැනුවත් කිරීමද ආරම්භ කොට තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ මෙම රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ පත්‍රිකාවක්‌ද විදේශ ගතවන සියලුම ශ්‍රමිකයන්ට ලබාදීම ද ආරම්භ කොට තිබේ.
මෙයට අමතරව මැදපෙරදිග රටවල සේවය කර යළි මවුබිමට පැමිණෙන ශ්‍රමිකයන්ට උණ, කැස්‌ස, සෙම්ප්‍රතිශ්‍යාව, හතිය හෝ හුස්‌ම ගැනීම අපහසු නම්, එසේම පාචනය හෝ වමනය ඇතිවී තිබේනම් සති දෙකක් තුළ ළඟම පිහිටි රෝහලට ගොස් තම ගමන් බලපත්‍රය ඉදිරිපත් කර රෝගී පරීක්‍ෂාව කර ගත හැකි බවද කාර්යාංශය සඳහන් කරයි. ඒ සඳහා සියලුම පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එකතුව මේ වන විටත් සලසා තිබේ. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මෙම රෝගය වැළඳී ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැත.
9:00 PM
Unknown
0 comments:
Post a Comment