දන්සලේ බත් මුලේ ගෙම්බෙක්‌ ~ niruwatha

Saturday, May 17, 2014

දන්සලේ බත් මුලේ ගෙම්බෙක්‌

වෙසක්‌ පොහොය වෙනුවෙන් පොහෝ දින හා ඊට පසු දින හංවැල්ල පහළ හංවැල්ල ප්‍රදේශයේ පැවැත්වූ බත් දන්සලකින් ගෙන ගිය බත් පාර්සලයකින් ගෙම්බකු හමුවීමේ සිදුවීමක්‌ හංවැල්ල දිද්දෙනිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

දිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් පිරිසක්‌ අදාළ දන්සලෙන් සිය නිවසේ අයට රැගෙන ගිය බත් පාර්සල් රාත්‍රියේදී කෑමට සූදානම්වී දිගහැර බැලීමේදී එක්‌ බත් පාර්සලයක්‌ තුළ ගෙම්බෙක්‌ මැරී සිටිනු දැක ඇත. එය කෑමට සූදානම් වූ අයට වමනය ද ගොස්‌ ඇත.

හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කේ. එල්. එස්‌. රාජපක්‍ෂ මහතා මේ පිළිබඳව "දිවයින" ට අදහස්‌ දක්‌වමින් පවසා සිටියේ තමන් ලබා දෙන උපදෙස්‌ හරියට පිළිපදිනවා නම් මේ දේවල් සිදුවන්නේ නැති බවයි.

1 comments:

Anonymous said...

me photo eka siddiyata adaala ekakda? aththama ekada?

Post a Comment