තනියට Film බැලු 14 හැවිරිදි දරිවියව සිනමා ශාලා කළමනාකරු දුෂණය කරයි ~ niruwatha

Tuesday, May 6, 2014

තනියට Film බැලු 14 හැවිරිදි දරිවියව සිනමා ශාලා කළමනාකරු දුෂණය කරයි

ලෝක කම්කරු දිනය සමරන ලද ඉකුත් මැයි පළමු වැනිදා වයස අවුරුදු 14 ක පාසල් ශිෂ්‍යාවක බලහත්කාරයෙන් දූෂණය කළ සිනමා ශාලාවක කළමනාකරුවකු සහ ඔහුට අනුබල දුන් එම සිනමා ශාලාවේ සහායකවරයා රඹුක්‌කන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඉකුත් මැයි පළමු වැනිදා අරන්දර ප්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යාවක තම මිතුරියකගේ ඉල්ලීමකට අනුව චිත්‍රපටයක්‌ නැරඹීම සඳහා මෙම සිනමා ශාලාවට පැමිණ ඇත. මිතුරිය සිය පෙම්වතාද සමග පැමිණ සිටි බැවින් එම පෙම්වතුන් දෙදෙනා බැල්කනියේ අසුන් ගත් අතර තනි වූ පාසල් ශිෂ්‍යාව පහත ශාලාවේ අසුන් ගෙන තිබේ. කාලය ගෙවී යද්දී චිත්‍රපටයේ විවේක කාලය පැමිණි අතර ඇය දෙස විමසිලිමත්ව සිටි කළමනාකරු ඇය සමග මිත්‍ර වී සියලු තොරතුරු අනාවරණය කරගෙන යළි චිත්‍රපටය පෙන්වීම ආරම්භ කරන විට ඇයගේ මිතුරිය ඇයව බැල්කනියට කැඳවන බව පවසා තිබේ. ඒ අනුව ඇය බැල්කනිය වෙත ගමන් කරන විට සිනමා ශාලා සහායක සමග එක්‌වී ඇය එහි ස්‌ථානයකට බලහත්කාරයෙන් රැගෙන ගොස්‌ දූෂණය කරන ලද බව පාසල් ශිෂ්‍යාව කළ පැමිණිල්ලේ සඳහන් වේ.

0 comments:

Post a Comment