සෙංකඩගල අභිමානය පෑළ දොරින් පලා යද්දී - චීන කෙල්ලෝ එක මිටියට අවමානය කැන්දන් එති ~ niruwatha

Friday, May 30, 2014

සෙංකඩගල අභිමානය පෑළ දොරින් පලා යද්දී - චීන කෙල්ලෝ එක මිටියට අවමානය කැන්දන් එති

මගේ ඇඟේ තියෙන ටෙස්ටෙස්ටොරොන් ඊස්ට්‍රජන් මෙකී නොකී හැම හෝමෝනයක්ම එකසිය ගාණට ඉහළ නැඟල. උණු නිසා බොන්නත් බෑ කිරි නිසා අහක දාන්නත් බෑ වගේ තත්ත්වයකට මම පත්වෙලා හිටියේ. මම මෙහෙම කියද්දී අද මුලින්ම මේ ලිපිය කියවන පාඨකයෝ යම් තරමකට නෙවෙයි සහමුලින්ම ඔල්මොරොන්දම් වේවි. ඒක නතර කරන්න එකම පිළියම මේ කතාවේ මුල මොකක්ද කියන එක, ඔය අය ඉදිරියේ තැබීම.

ඒක මම මේ විදියට පටන් ගන්නම්. මම කන්ද උඩරට එක්තරා නගරයක ක‍සඑහ ක‍ැබඑැර එකක් ගාව කල්පනාවක් දාගෙන මගේම වුණු ආතල් එකක් අරගෙන ඉද්දී මම ඉදිරියේ ප්‍රාදූර්භූත වුණු පුද්ගලයා ඒ ෆන් එක හරියන්නේ නෑ වෙන ෆන් එකක් ගමු කියල මට යෝජනා කළා. ෆන් ගැනීම කෙසේවෙතත් පත්තරේට පිටුවක් ගැටගහන්න තොරතුරු ලබාගන්න හැකිය කියන බලාපොරොත්තුව පෙරදැරිව අපි ඒ නුවර ඇතුළත වූ ගෘහයක් කරා පියමැන්නා. එතැන හිටියේ චීන කෙල්ලෙක්. සමාවෙන්න සමහර ගෑනු පරාණ දැක්ක ගමන් චීන කියල හිතුණට අතරින් පතර තායි ජාතික උදවියත් ඉන්න ඇති.

ගනුදෙනුවේ ස්වභාවය කතාබහ කළේ මට ෆන් එකක් දෙන්න ඉදිරිපත් වුණු පුද්ගලයා. එයාට, එයාගේ පාට් එක කරගන්න දීලා මම චීන කෙල්ලෝ දෙන්නෙක්-තුන්දෙනෙක් පිළිබඳ ලලාසාවකින් ඔවුන් දෙස නෙත් හැර බලා සිටියා. ඔවුන්ගේ හිසකෙස් බොහෝ සමාන වුණේ දුඹුරු පැහැයට. එය උපතින් ලද දෙයක්ද නැතහොත් පසුකාලීනව සකසා ගන්නා ලද්දක්ද යන ප්‍රශ්නය මා හට ඇතිවූ නමුත් මොළයේ ස්නායු විධානයක් නිකුත් කළේ මේ ප්‍රශ්නවලට උත්තරයක් හොයන අවස්ථාවක් නොවෙයි නිසා.


දුඹුරුවන් කෙස් රෝමානු ගණිකාවෝ සැලකිලිමත් ලෙස සංවිධානය වුණේ දුඹුරුවන් කෙස් වටා. ඔවුන් ළා පැහැයේ සංස්කෘතිය වටිනාකම අවප්‍රමාණය කළේ තවදුරටත් ළා පැහැය පිරිසුදු ස්ත්‍රීන්ට පමණක් අයිතිව ඇති පැහැයක් ලෙස. තද දුඹුරුවන් පැහැය ගණිකා වෘත්තියේ යෙදුණු රජයට බදු ගෙවූ, බලපත්‍රධාරී රෝමානු ගණිකාවන් වෘත්තීයමය කටුකත්වයට පර්යාය පදයක් බඳු වූයේ ඉන් පසුවයි. මේ පිළිබඳ මෙලෝ මලදානයක් නොදන්නා තායි කෙල්ලෝ, චීන කෙල්ලෝ උපතින් ලද දුඹුරුවන් කෙස් තවදුරටත් තද දුඹුරු කිරීමට වෙහෙසෙන බවක්.

යවතාර ලුණු දියර නැළියක් තම්බා ගන්න. ලුණු දියෙහි දැමූ පෙලෙන්ඩයින් සහ කුර්කුමා ලොංගා අවුන්ස භාගයක් එකතු කරගන්න. ක්රෝතුස් සැටයිමස් සහ ලිලි මුල් ඩ්‍රෑම් දෙකක් සහ මුලෙයින් යෙලෝස්ටෙකා, බිරුමි මෙලෙස එකතු කරගන්නා ලද මිශ්‍රණය හිසකෙස් අතර ගැල්වීම පැරැණි රෝමානු ගණිකාවන්ගේ සිරිතක්ව පැවැතියේ ඉන් හිසකෙස් දුඹුරුවන් පැහැ වන නිසා. දැන් මේ කිසිවක් අවශ්‍ය නැහැ. බලපත්‍ර නොමැති ගණිකාවෝ රජයට බදු නොගෙවන ගණිකාවෝ සිය කෙසඟ දුඹුරුවන් නම් එය තවදුරටත් උද්දීපනය කරනුයේ සැලෝන් එකකට රිංගා මොනර කොළ 20-30ක් වියපැහැදම් කිරීමෙන්.

මට අවශ්‍ය වුණෙත් එතැන සිටි චීන කෙල්ලන් සමඟ මිත්‍රවන්නට. කතාබහක නිරත වන්නට. මගේ කැමැත්ත ඇඳින්න අදිසි මිත්‍රයා අවුලක් නැහැ සිලෙක්ට් කරගන්නවා වගේ පොඩි චැට් එකක් දාන්න. හැබැයි ඊට පස්සේ බැහැයි කියන්න එපා. මෙතෙන්ට 8,500යි. කෙල්ලගේ ගාණ කතා කරන්න යැයි පැවැසුවා. මට දැනුණේ අඩ වැටුප් මත සේවය අත්හිටෙව්වා වගේ ලියමනක් ලැබුණා කියල. ඒත් ඒ දැනිල්ල එළියට කාන්දු කරන්නේ නැතිව දිගින් දිගටම මම මහන්සි ගත්තේ එතැන රැඳී ඉන්න. සිදුවන හැ නිරීක්ෂණය කරන්න.

මම කාලය අපතේ ඇරියත් ඉන් මා සිටි ගෘහයේ එම කටයුතුවලට බාධාවක් කළේ නැහැ. නෙක නෙක මාදිලියේ පිරිමි ශරීර පැමිණ පිටත්ව ගියා. බොහෝ කලකට පෙරාතුව ඇඳිනගත් පුද්ගලයන්ට සලකන ආකාරයෙන් පැමිණෙන පුද්ගලයන්ට සැලකීමට ගෘහයේ සේවකයන්ද කටයුතු කළා. මා පිළිබඳ මායිම් නොකළ අදිසි මිත්‍රයා ගෘහයේ පාලනාධිකාරිය සමඟ පැරැණි ගනුදෙනුවක හැඩතල අවුස්සමින් සිටින බවත් පෙනී ගියා. මෙහි ගණිකා වෘත්තිය වන්නේ කිසිවක් නොසිදුවන ආකාරයෙන්. සියලු ගනුදෙනු ඕවර්ද ෆෝන් මාර්ගයෙන් සිදුවෙනවා. යම් පුද්ගලයෙක්ට තරුණියක් අවැසි නම් පැවසිය යුත්තේ එකී තරුණිය සිටිනා කාමරයේ අංකය.
මට රූම් නම්බර් 8ට ඇපොයිමන්ට් එකක් ගන්න පුළුවන්ද?

අද රෑ අටට.
එවන්නක් ඔවුන් පවසනවා විය යුතු යැයි මට සිතුනේ.
කිසි ප්‍රශ්නයක් නැහැ සර් 8 වෙද්දී රූම් නම්බර් 8 අවේලබල්, වැනි පිළිතුරු ගෘහයේ පාලනාධිකාරිය ලබාදුන් නිසා යන්න හිතුණත් යන්න බැරි පසුම්බියත් එක්ක මෙතැන තග් ගැහෙන්න සුදුසු නෑ වගේ කතාවක් අදිසි මිත්‍රයාට පවසා සිටියාට පසු ඔහු ගෘහයෙන් නික්ම යමු යැයි යෝජනා කළා. අසල තිබූ ශීතකරණයෙන් රෙඩ්බුල් දෙකක් ගත් අප දෙදෙනා එය පානය කරන ගමන් ගෘහයෙන් පිටතට ඇදුණා. එලෙස පැමිණෙන ගමන් අදිසි මිත්‍රයා පවසා සිටියේ මෙවැන්නක්.

මේ වැඩ තාම නුවරට හුරු නෑ. කෙල්ලෙක් එක්ක පැයක් ගත කරන්න රු. 15,000ක් විතර වියදම් කරන්න ඕනෑ. ගොඩක් මෙතැනට එන්නේ කොළඹ ඉඳල ආපු බිස්නස්කාරයොයි, නුවර පළාතේ වතුකාරයොයි. මම කරන්නේ මොන වගේ පාට් එකක්ද කියල ඔයාට තේරෙන්න ඇතිනේ. මට එක කස්ටමර් කෙනෙක් අරගෙන ආවොත් රු. 2,000ක් දෙනවා. ඒ වගේ මම දන්න කස්ටමර් කෙනෙක්ට මෙතැනින් ගෑනු ළමයෙක් අරගෙන දවස් දෙකක ලෝන් ටි්‍රප් එකක් වුණත් ගිහින් එන්න පුළුවන්කම තියෙනවා. ඒකට මම ගැරන්ට් කරන්න ඕන. මම ගැරන්ට් කළාට මදි. හරියට සල්ලි ගෙවන්නත් ඕන. මේ ළඟකදී සිරියන්කාරයෝ දෙන්නෙක් කෙල්ලෝ දෙන්නෙක්ව දවස් දෙකකට ගත්තා. එක දවසකට ලක්‍ෂයක් ගෙවලා. මට කොමිෂන් එක 30,000ක් හම්බ වුණා.

නුවරට මේ වැඩේ පුරුදු නැති නිසා දවසකට අල්ලන්න පුළුවන් කස්ටමර්ස්ල ගාණ දෙන්නයි-තුන්දෙනයි. ඒ වුණත් පිටින් ඇවිත් මෙහේ බහින අය ගොඩක් ඉන්නවා. මැයි-ජුනි වගේ මාසවලදී මෙහෙට තියෙන ආදායම අඩු වෙනවා. ඒ හැටි. එතකොට මැනේජ්මන්ට් එක කරන්නේ කෙල්ලෝ සෙට් එක මෙහේ තියෙන ක්ලබ්වලට අරගෙන ගිහින් ඩී. ජේ. පාටි දාන එක. එහෙම නැත්නම් නුවරඑළියේ බංගලාවකට එක්කගෙන යන එක. ඒවා ඒ විදියට වුණාට මෙතැන වහල දාන්නේ නැහැ. මෙතැන වැඩ ටික කරගෙන යන්නත් කෙල්ලෝ 3-4ක් තියනවා. අර විදියට ගියාම ඒ ඒ තැන්වලදී කෙල්ලෝ අලුත් අලුත් කස්ටර්මර්ලා අල්ල ගන්නවා. මෙතැන ඉන්නේ බැංකොක්වල, චීනයේ ෂෙං-ලින්වල වැඩ කරපු කෙල්ලෝ.

ඇත්ත කතාව මේ අයට මොන ලෙඩ තියනවද දන්නේ නෑ කියන එක. චීනයේ, තායිලන්තයේ මේ ජොබ් එක කරන ගෑනු අයගේ බ්ලඩ් චෙක් කරල රිපෝට් එකක් දෙනවා. ඒ රිපෝට් එක ගන්න එක අනිවාර්යයි. ලංකාවේ ඒ මොනවත් වෙන්නේ නැහැ. ඒ රටවල වැඩ කරල කරල ආයේ වැඩ කරගන්න බැරි කෙල්ලෝ තමයි අපි වගේ රටවලට එන්නේ. ඒක තමයි ප්‍රශ්නය. කෙල්ලෝ ලංකාවට ගේන එකත් මාර ගේමක්. මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් හදලා. ඒකට ඕර්”ධ් ඇප්රුවල් එක අරගෙන ඊට පස්සේ තමයි කෙල්ලන්ට වීසා ගහන්නේ. ඒ විදියට කෙල්ලෝ ලංකාවට ආවට පස්සේ ලොකු ලොක්කන්ට සලකලා අවුරුද්දක් දෙකක් තියාගෙන, ඊට පස්සේ මිරිහානේ දාල ලංකාවෙන් පිටත් කරල දානවා.

මම මේ අදිසි මිත්‍රයාගෙන් සමුගත්තේ නුවර වැව ගාවදී. රටක නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වේ නම් මෙවැනි විපරීත දෙය සිදුවිය හැකිද යන්න මට වද දෙන කරුණක් වුණා. ඒ සඳහා මා පිළිතුරු අපේක්‍ෂා කළේ නුවර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්ව සිටින මගේ පාසල් මිතුරෙක්ගෙන්.



මේකයි මචං ඇත්ත කතාව. මේව ලංකාවේ වෙනවා. පත්තරකාරයෝ විදියට උඹල මේව ලියනවා. එතකොට සමාජය දැනුම්වත් වෙනවා. හැබැයි ඒ දැනුම්වත් වීම විතරයි. අපිට නීතිය ක්‍රියාත්මක කරන්න විදියක් නැහැ. අපේම නිලධාරි මේ වගේ විෂයකදි අපිත් එක්ක සමගාමීව වැඩකරන නිලධාරි මේ පුද්ගලයන්ගේ සල්ලි බලේට යටයි. අපි හිතමු නිකම් පිටරැටියකුට ලංකාවට ඇවිත් මේ වගේ වැඩක් පටන්ගන්න පුළුවන්ද කියල. ඒක කරන්න බෑ. ඒකට අපේ රටේ කෙනෙක්ගේ සහාය ඕනෑ. ඒකට සහාය දෙන්නේ සිරිපාල, සිරිසේනල නෙවෙයි. ලංකාවේ යමක් කරන්න පුළුවන් අය. ඇත්ත කතාව අපිට ස්වාධීනව වැඩක් කරන්න පුළුවන්කම තියෙනවා නම් අපි දන්නවා නීතිය ක්‍රියාත්මක කරන හැටි. පොලිස් කොමිසමක් නැති හින්ද අපිට ස්වාධීනව වැඩ කරන්න බැහැ. අපිට දේශපාලන අධිකාරිය බලපෑම් කරනවා. මේ විෂයෙදි පෞද්ගලිකවම මට ඒ වගේ බලපෑම් ඇවිත් තියෙනවා.
P.අත්තනායක

0 comments:

Post a Comment