පොලිස් නිලධාරිනියන් සඳහා සාමාන්‍ය රාජකාරි නිල ඇඳුමට අමතරව නව නිල ඇඳුමක් හඳුන්වාදී තිබේ.
මෙම නව නිල ඇඳුම ද කාකි වර්ණයෙන්ම වන අතර පොලිස් කොස්තාපල් සහ සැරයන් තනතුරු සඳහා දිග කළිසමක් සහ කමීසයක් නිර්දේශ වී තිබේ.
පොලිස් පරීක්ෂක සහ පොලිස් අධිකාරී ශ්‍රේණිවල නිලධාරිණියන්ට දිග කළිසම සහ බුෂ් කෝට් එකක් නිර්දේශිත අතර ගර්භනී පොලිස් නිලධාරීනියන් සඳහාද නව නිල ඇඳුමක් හඳුන්වාදීමට නියමිතය.
මේ සඳහා වන පොලිස්පතිවරයාගේ නිර්දේශයට නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ලැබී තිඛෙන බව පොලිස්මධ්‍ය ඒකකය සඳහන් කළේය.
9:40 PM
Unknown


0 comments:
Post a Comment