චන්දෙනගේ lovelyගේ ලේපේ නිරුවත ~ niruwatha

Thursday, May 29, 2014

චන්දෙනගේ lovelyගේ ලේපේ නිරුවත

සුහුඹුල් ගැටිස්සියකගේ අත් බෑගයට එබී බැලීම නොවටිනා කටයුත්තක් වුණත්, හිත එකලස් කරගෙන එය කරන්නට සිදුවුණා.   ඒ නොවටිනා දේ ඇතුළේ වටිනා කියන  දෙයක් සොයා ගැනීමේ අරමුණින්.  අරමුණින් බැහැර විය යුතු යැයි  සිතූ වාරත් අනන්තයි. කෙසේ වෙතත් ඔවුන්ගේ  අත්බෑගවල  තිබුණ දේවල් අතරින් සමානකම ගළපා ගත හැකි වුණේ ප්‍රමාණයෙන් වෙනස් ‘ඩප්පි’ කිහිපයක් පමණයි. විවිධ  හැඩයේ ‘ඩප්පි’  විවිධ මිල ගණන්වලින්  යුක්තයි. ‘ඩප්පිය’  වටා  ආවරණය කළ වෙළෙඳ භාණ්ඩ නාමයන් කිසිවක් නැහැ. සැලොයිඩ් ලෙස ලස්සන උත්කර්ෂවත්  කරන්න කිසිදු සූදානමක් නැති ‘ඩප්පි’ පිළිබඳව  කුකුසක් ඇති විම ස්වාභාවිකයි.

මේ ගැටිස්සියන් සියලු දෙනා පාහේ අපොස උසස් පෙළ  ලියා අවසන් කර වෘත්තීමය රැකියාවක් සඳහා  විවිධ විෂයයන් පසුපස  ලුහුබඳින්නියන්. සාපේක්ෂ වශයෙන් ඔවුන් ලස්සනයි. වැදගත්ම දේ තමයි  ඒ ලියැවුණේ. ලස්සනයි.... ලස්සන සාපේක්ෂයි. ඇන්ජලිනා ජොලි කියන හොලිවුඩ් නිළිය ලස්සන වෙන්නේ විද්‍යා බාලා වගේ බොලිවුඩ් නිළියන් එක්ක සාපේක්ෂ කළාම ඇන්ජලිනාට සාපේක්ෂව විද්‍යා ලස්සනයි. විද්‍යාට සාපේක්ෂව ඇන්ජලිනා ලස්සනයි. දැන් මේ ගැටිස්සියන්ගේ මූලික වුවමණාව ලස්සන වීම. පැහැපත් සමක්  දිගු කෙස් වැටියක් සිහින් සිරුරක් තමයි ලස්සනේ මානයන්. 70 දශකයේ තරබාරු  ජයලලිතා ලස්සන වුණා. අද වෙද්දි ලස්සන, සිහිනිඟ  තියන කැත්‍රිනා කායිෆ්. සිහින් සිරුරක්  ලබාගන්න දතකන  මේ ගැටිස්සියෝ කන කෑම වේල පාලනය කරනවා. වරලස ඩයි, ෆර්ම්, රිබෝන් කරනවා. පැහැපත් සමක්  ඇති කරගන්න විවිධ  ආලේපන  තවරා ගන්නවා. වෙළෙඳපොළේ විවිධ විවිධ නාමයන් මඟින් කලඑළි බැහැලා  තියෙන ඒ ආලේපන විවිධ වට්ටෝරුගත  ඒවා. දේශීය ඖෂධ, ශාක සාර, ඒවා නිපදවා ගන්න භාවිත කරනවා කියන එකයි ප්‍රචලිත. බටහිර ආරට  නිපදවා ගෙන තියෙන ක්‍රීම් වර්ග දේශීය වට්ටෝරු පරදවලා ඉදිරියට ඇවිත්.


කතා තේමාවේ මධ්‍ය ලක්ෂ්‍යය ‘ඩප්පි’ වන්නේ ඒ නිසා. ගැටිස්සියන්ගේ සමාජයේ බොහෝ දෙනා මේ ඩප්පි පාවිච්චි කරන්නේ තරමක උජාරුවෙන්. ඩප්පි තුළ ඇති  ආලේපන  පිළිබඳ බොහෝ දෙනෙක්ගේ අදහස නැවුම්. දවස් තුනෙන් සුදුවීම, සතියෙන් සුදුවීම, එක රැයෙන් සුදුවීම පිළිබඳ විශ්වාසය ඔවුන් බාරකර ඇත්තේ ඩප්පියට.

‘ඩප්පි’ පැත්තකින් තිබ්බොත් සුදුවීම එසේ නැතිනම්  පැහැපත් වීම සඳහා ගැටිස්සියන් පමණක් නෙවෙයි ඔවුන්ගේ මෑණිවරුන් පවා අසීරු උත්සාහ දරනවා.  එතැනදි තමයි ඩප්පි ආයේ..... ආයේ...වැදගත් වෙන්නේ. ඩප්පියේ කෙරවල  සුදුවීමට වඩා සුදුමැලි වීම තියෙන්නේ කියන එක මේ සමාජය  ඇතුළේ ප්‍රසිද්ධ රහසක්. ඒ අවදානම පවා  අද දින සුදුවීම කියන කරුණ ඉදිරියේ සොච්චමක්.  මම එක ගැටිස්සියගෙන් ඇහුවේ ‘ඩප්පි’ කොහොමද ඔයාලා අතට ලැඛෙන්නේ කියලා. ගැටිස්සි කිව්වේ ආලේපන සබන් වර්ග විකුණන අක්කා මේවා  ගෙනත් දෙන්නේ කියලා. වර්ගයක් ජන්මයන්  සඳහන් නැති ‘ඩප්පි’ පාවිච්චි කරන්න සැක නැද්ද කියලා ඇහැව්වම  ගැටිස්සි කිව්වේ ඒකට  සුදු වෙනවනේ කියලා.  ඊට පසු  ඊටත් පසු අහන හැම ප්‍රශ්නයකදීම සුදු වෙනවනේ කියන එකත් එක්ක බැඳුණු  උත්තර තමයි ගැටිස්සිගෙන් පිට වුණේ.

 දවස් තුනෙන් කොහොමද සුදු වෙන්නේ කියලා අහද්දි ගැටිස්සි ටිකක් තරහ ගිහින් කිව්වේ සුදු වෙනවා නම් වෙන විදියෙන් වැඩක් තියෙනවාද කියලා. මටත් ඩප්පියක් ගන්න ඕනෑ කිව්වහම  සතියෙන් සුදු වන ඩප්පිය  නිර්දේශ කරපු ගැටිස්සි ආයේ පාරක් මගෙන් ඇහැව්වේ මුණේ ගාන්නද කියල.  ඒක සරල  සාමාන්‍ය  ප්‍රශ්නයක් කියලා මඟ නොඇරිය මම මූණට අමතරව  වෙන තැන්වල ගාන්න හදාපු ඩප්පි වර්ග තියෙනවාද කියලා ඇහැව්වා. ටිකක් විතර විළිබර වුණා. ගැටිස්සි ඔව් කියලා කිව්වා. මම කිව්වා අන්න ඒවායින් එකක් තමයි ඇත්තටම මට ඕනේ කියලා.

විළිබර බව පලවා හැරලා ගැටිස්සිව කතාව ඇතුළේ නඩත්තු කරගන්න ඕන හින්දා මම මෙහෙම කිව්වා. බලන්න මගේ ඛෙල්ල වටේ  කළුවෙලා. යාළුවෝ කියනවා කොලෙස්ටරෝල් හින්දා  කියලා. අම්මා කියනවා අපල හින්දා කියලා. ඒ හින්දා තමයි මට ඩප්පියක්  ඕනෑ නැත්නම් සුදු වෙනවා කියන එක ඒ තරම් මට වැදගත් නැහැ.\



ඒ කතාව නැඟලා ගියා. ගැටිස්සි  එයාගේ  යාළුවෝ පාවිච්චි කරන ‘ඩප්පි’ ගොඩක් ගැන  විස්තර කළා. වැළමිට  හන්දිය, ඉකිලි, කිහිලි වල ගාන්න පවා වෙන වෙන ඩප්පි වර්ග තියෙනවලු.  පෙළක් ඩප්පිවලින්  එන සුවඳ වෙළෙඳපොළේ තියෙන සාමාන්‍ය ක්‍රීම් වර්ගවලින් එන සුවඳලු. ඩප්පිවල තියෙන ආලේපන  බොහොම පොඩ්ඩක් පමණලු ගා ගත යුත්තේ`  එලෙස ගා ගත්තට පසු ඉර එළිය අහිතරකලු`. දැන් සාමාන්‍ය වශයෙන් ‘ඩප්පි’ පිළිබඳ  මගේ අදහස තියුණු සහ දියුණු වුණා. මම ගැටිස්සිගෙන්  විමසා සිටියේ  මගේ අවශ්‍යතාවට සරිලන ඩප්පියක් මිලට ගත යුතු නිසා ඩප්පි වෙළෙන්දිව හඳුන්වා දෙන ලෙසයි. ගැටිස්සි එකඟ වුණා.

අපි හමු වුණා. දෙපාරක් හැරිලා බලන්න හිතෙන ඒ තරුණිය  වාචාල එකියක්. කට කන්‍දොස්කිරියාවක් නැතිව කියවන්න හපනියක්. හොටක් මෙන් වූ උඩු තොලක් තිබීම  නිසා ඇයගේ ඉරියව් අමුතුයි. ඇයට ඇත්තේ සුමුදු සමක්. මගේ අවශ්‍යතාව ඉදිරිපත් කරල ඇයට එය ඉටු කිරීමට හැකි දැයි විමසා සිටියා. මම ඩප්පි පිළිබඳ ඇගේ අදහස විමසා ගුණ ‍දොස් විවේචනයකට  පොට පහදා ගත්තා.

මම සුදු නිසා ‘ඩප්පි’ පාවිච්චි කරන්නේ නැහැ. මේක මම පොඩි ආදායමක් ලැඛෙන දෙයක් විදියට තමයි කරන්නේ. හැබැයි මම සුදු නිසාම  තමයි ‘ඩප්පි’ විකුණගන්න පුළුවන්.  මේවා හදන්නේ මම දන්න  කෙනෙක්. 1200ට විකුණන ඩප්පියකින් මට රු. 400ක් තියෙනවා.  දෙදාහේ  ඩප්පියකින් රු. 600ක් තියෙනවා.  මම සතියකට ඩප්පි  6ක් 7ක්  විකුණගන්නවා. ඉස්සර ඉඳලම මම විවිධ බඩු  විකුණුවා. ඒ හින්දා මම මේ වගේ අයිටම් බිස්නස් කරනවා කියලා ගොඩක් අය දන්නවා. දැන් ගාමන්ට් එකක හරි A/ඛ ක්ලාස් හරි එහෙම  නැත්නම් කැම්පස් එකක හරි හරියට  අල්ල ගත්තොත් මේක හොඳ ආදායමක් තියෙන රස්සාවක්. වැඩියෙන්ම මගේ බඩු ගන්නේ A/ඛ ක්ලාස්වල නංගිලා.  ඒ අයනේ කොහොමටත් ලස්සන ගැන හිතන්නේ. ඒ වයසත්  එක්ක. මේ වගේ කොලිටි එක හොඳ ඇති.  මට කම්ප්ලේන් නම් ඇවිත් නැහැ. හැමදාම ටිකක් වැඩිපුර මේවා ඉල්ලල කෝල් නම් එනවා. A/ඛ   විභාගේ මේ දවස්වල  හින්දා  ඉල්ලුම වැඩියි.  බඩු ගෙනත්  දෙන කෙනා මඟ ඇරෙයි කියලා මේවා දෙක තුනක් අරන් තියාගන්න ළමයි ඉන්නවා. කම්පැනි එකක් නෑ කියලා මේවා නොගෙන ඉන්නේ නෑ.

මොකද ඇත්තටම මේවා ගාන්න ගත්තාම සුදු වෙනවා.  මම දන්න කීප දෙනෙක් ඇත්තටම මේවා ගාලා සුදු වුණා. හැබැයි මම කෙනෙක්ට මේවා ගාන්න කියලා යෝජනා කරන්නේ නැහැ. දැන් ගොඩක්  පළාත්වල මේවා විකුණන්න තියෙනවා. හැබැයි අර ටී්‍රට්මන්ට් එක මේ ටී්‍රට්මන්ට් එක කියලා පැකේජ් හදලා  තමයි සැලෝන්වල අය මේවා ගන්නේ. සතියෙන් සුදු වෙන්න 20,000/-ක් ගන්න පැකේජ් එකක් තියෙන සැලෝන් එකක් තියෙනවා.  ඒ අය මේවා අපෙන් අරගෙන මිඩ්ලීස්ට් බ්‍රෑන්ඩ්  එකක් කියලා තමයි අනිත් අයට දෙන්නේ. මිඩ්ලීස්ට් බ්‍රෑන්ඩ්වලට තියෙන ඉල්ලුම වැඩි හින්දා ඒ විදියට ලොකු ගාණක් ගන්න පුළුවන්. ස්ක්‍රබ් එකක් හරි ෆෙෂල් එකක් හරි දාලා අපේ දේවල් මුණේ ගාන එක තමයි එතැනදි වෙන්නේ. එහෙම නැතිව වෙන දෙයක් වෙන්නේ නැහැ.  කොහොම හරි එහෙම සැලෝන් එකක් අල්ල ගත්තොත් කිසි කරදයක් නැතුව මාසේ වියදම හොයා ගන්න පුළුවන්.  මගේ  යාළුවෙක්  ඉන්නවා. එයා ඒ වගේ සැලෝන් දෙකකට බඩු දානවා. රු. 30,000ක් විතර එයා  ඒ සැලෝන් දෙකෙන් කවර් කර ගන්නවා.

ඒ තරුණිය එහෙම කියද්දි මම කිව්වේ මම ඒ වගේ සැලෝන් දෙක තුනක් අල්ලලා දෙන්නම් කියලා. ඉරිදා මව්බිමේ  හදගැස්ම කියවන හින්දා සැලෝන් දෙක තුනක නම් දිව අග තිබුණ එක ඒකට  ප්‍රයෝජනයක් වුණා. ඔයා හරහා ඒ  සැලෝන්වලට බඩු  දාන්න හදා දෙන්නම් කිව්වම තරුණියගේ දෑස් ආලෝකයෙන් බැබළුනා.  හැබැයි  ඊට කලියෙන් ඩප්පි නිෂ්පාදකයා එහෙම නැත්නම් ඩප්පිකාරයා එක්ක කතා කරන්න ඕන කියලා  මම කිව්වා. තරුණිය ඒකට  එකඟ වුණා.

ඩප්පිකාරයා හමු වුණේ ඉර බැහැගෙන යද්දි. එයා ඉළන්දාරි වයසේ කොලු ගැටයෙක්. මම කොහොමද කියද්දි එයා කිව්වේ හලෝ කියලා. මම පාරදිගේ තියරියෙන් එකක් පාවිච්චි කළා. චර්මය, අපිචර්මය වගේ වචන දෙක තුනක්  එක්ක බිලීචින් කුඩු ගැන කිව්වා. ඩප්පිකාරයා බොහොම  බය වුණා.  ඊට පස්සේ රසදිය ගැනත් කිව්වා. රසදිය දියර විදියට තියන බර ලෝහයක් කියලා කිව්වහම  ඩප්පිකාරයා  පාපොච්චාරණයට ලෑස්ති වුණා. ඒක කමකට නැති යෝජනාවක් කියලා අඟවලා මට ඕනෑ වුණේ ඩප්පිකාරයා එක්ක ඇත්ත කතාබහකට යන්න. එහෙම නොවුණොත්  ඩප්පිකාරයා  සියල්ල නොකියයි කියන හැඟීම තමයි මාව පෙළා දාලා තිබුණේ. මම කිව්වා ජීවත් වෙන්න මිනිස්සු එක එක රස්සා කරනවා. ඒවා හරිද  වැරැදිද කියලා තමන් ප්‍රථමව තීරණය කළොත්  පමණයි දෙවනුව ඒ ගැන සමාජය තීරණය කරන්නේ කියලා. මෙන්න දැන් ඒ කොලු ගැටයා නැත්නම් ඩප්පිකාරයාගේ පාපෝච්චාරණය.

 මම කෙල්ලෙක් එක්ක යාලු වුණේ මීට අවුරුද්දකට විතර කලින්. කෙල්ල කළුයි.  කළුයි කියන්නේ දැකුම්කලුයි. කෙල්ලට ඕන වුණා සුදු වෙන්න. අරවද මේවාද ඔක්කොම ගෑවා.  ඒත් කියන තරම් සුදක් ආවේ නැහැ.  මාර වියදමකුත් කළා.  කොහොම හරි මම  කල්පනා කළා. මේ ප්‍රශ්නේ ලංකාවේ  හැම කෙල්ලෙකුටම ඇති නේද කියලා. දවල් දහය වෙද්දි කුඩේ නැතිව කෙල්ලෝ පාරට බහින්නේ නෑනේ.  ඒ කියන්නේ  ඉර එළියෙන්  ආරක්ෂා වෙනවා කියන එක. තවත් විදියකට ගත්තොත් ඉර එළියට  සම නිරාවරණය  වෙන එක  වළක්වනවා කියන එක.  එතැනදි වෙන්නේ සරල විදියට  පිලිස්සීමක් නේ.  ඒක ගැන  කල්පනා කළා. එතකොට සුදු වෙනවා කියන්නේ මොකක්ද?  ඒක තමයි මට හොයාගන්න ඕන වුණ උත්තරය.  සුදු වෙනවා  කියන්නේ ස්වාභාවික  හම මතුපිට තියෙන පැහැය වෙනස් වීමක්`.  ඒක කරන්නේ කොහොමද කියලා මම කල්පනා කළා. දන්න හැමෝම එක එක දේවල් කිව්වා. මමත් ඒ අදහස් වලට මම හිතන දේවල් ටිකක් දාලා තමයි ඩප්පි හැදුවේ. මම ඇත්තටම කළේ හමේ උඩ තියෙන කොටස පුච්චන එක.

එක එක ජාතියේ ක්‍රීම් වර්ග මාකට් එකේ තියෙනවානේ. ගත්තා ඒවයින් ක්‍රීම් වර්ග දෙකක්. එකක් ශාකසාරවලින් හදපු දේශීය එකක්.  අනෙක සුදු වෙන්න ගෑනු ළමයි ගාණ ජනප්‍රිය බටහිර ආරේ ක්‍රීම් එකක්. ඒ දෙක  කලවම් කළා. සාමාන්‍යයෙන් බිලීචින් කුඩු වලට හම පිලිස්සෙනවා. ඒක දැනගෙන බිලීචින් කුඩු ඒ ක්‍රීම් දෙකට කලවම් කළා. පොඩි ගතියක් ආවා. පස්සේ ක්ලෝරීන් කුඩු ටිකකුත් දාලා බැලුවා. ඒ මිශ්‍රණය මම පිට අල්ලේ ගාලා ටෙස්ට් කළා.  කිසි අවුලක් නැහැ. ඇත්තටම පිට අල්ල සුදු වුණා.  හැබැයි බිලීචින් කුඩු දැම්මට පස්සේ ඒ මිශ්‍රණය ගාන්න අමාරුයි. ඒ කියන්නේ රැඳිලා තියෙන්නේ නෑ. ලිස්සනවා. ඒකට උත්තරය  තමයි රසදිය. රසදිය බර ලෝහයක්. ඒ කියන්නේ දාඩියවලට වතුරවලට අහුවුණහම ගලෝලා යන්නේ නෑ. බදලා අල්ලනවා. දැන් කොහෙන්ද රසදිය.

කරන්න දෙයක් නෑ මට මතක් වුණා උණකටු. උණකටුවල රසදිය තියෙනවානේ. උණකටු ඒ තරම් ගාණක් නැහැ. රුපියල් එකසිය ගාණයි. ගත්ත උණකටු දෙකක්. නටන වතුරට  දාපු ගමන් උණ කට්ට් පුපුරලා රසදිය ටික ඉහළට යනවා. ආපහු පාත් කරපු ගමන්  රසදිය පල්ලම් බහිනවා. ඒක තමයි තියරිය. ඒ විදියට රසදිය  එකතු කරගත්තා. වැඩේ නැඟලා ගියා. කොහොම හරි කළු කෙල්ල ලස්සන වුණා. ඒ කියන්නේ  සුදු වුණා. හැබැයි මම දන්නවා  කාලයක් යද්දි සුදුමැලි වෙනවා කියලා. කෙල්ලට මම ඇත්ත කිව්වා.  එයා මගෙන් ඇහැව්වා මම පරීක්ෂණවලට ගන්න ගෙම්බියක්ද කියලා. මට මතක් වුණේ  පර්ෆියුම් චිත්‍රපටය.  ඇත්තටම මාත් කරලා තිබුණේ ඒ වගේ වැඩක්. අවුලක් නැහැ. කෙල්ල යන්න ගියා. සල්ලි අතට ආවා. යෝගට් කෝප්පයක් වගේ ක්‍රීම් ටිකක් තියන්නේ රුපියල් 20,000ක් විතර අයියෝ සල්ලි....

ඩප්පිකාරයා සල්ලි හොයනවා. ඒ තරුණ ගැටිස්සියෝ කොහොම හරි  සුදුවෙන්න උත්සාහ දරන නිසා. හැබැයි හැමදේම පරිස්සමට පර්ෆි පියුම් චිත්‍රපටයේ කතානායකයා එයාගේ පෙම්වතියගේ  සුවඳ සදාකාලික කරගන්න මැරිච්ච පෙම්වතියගේ ශරීරයෙන් සුවඳ  විලවුන් හදනවා. අපේ ඩප්පිකාරයා  එයාගේ ගෑනු ළමයි සුදු කරගන්න ක්‍රීම් එකක් හදනවා`

P.අත්තනායක

1 comments:

Anonymous said...

ape ammath ganawa akkathi ganawa
nangith ganawa dan mage kellath ganawa

Post a Comment