දැන් චීන්නුත් වල්ලපට්ටා හොරකමේ ~ niruwatha

Thursday, May 29, 2014

දැන් චීන්නුත් වල්ලපට්ටා හොරකමේ

පසු ගිය දින වලදී ලංකාවේ මහත් කතා බහට ලක් වූ ශාකයකි වල්ලපට්ටා.ඉතා විශාල වාණිජ වටිනාකමකින් යුතු මෙම ශාකය සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලැබේ.නීති විරෝදී ලෙසින් වනාන්තර ආශ්‍රිතව ඇති මෙම ශාකය කපා විකුණා මුදල් සොයන්නට බොහෝ ශ්‍රී ලාංකිකයන් උත්සහ කරනු දක්නට ලැබිණි.

නෙළුව ලංකාගම දී වල්ලපට්ටා තොගයක් සමඟ චීන ජාතික කතක  හා චීන ජාතිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
රුපියල් විසි ලක්ෂයක් ද ඔවුන් ළඟ තිබු බව ඔවුන් පවසයි.

අනෙක විදේශිකයන්ට වඩා චීන ජාතිකයන් නීති විරෝදී ක්‍රියා මෙරට තුලදී කරනු අපට අසන්නට ලැබුනත් වල්ලපට්ටා ජාවාරම පිලිබඳ ඔවුන්ගේ නම ගෑවුණු පළමු වතාවයි.

0 comments:

Post a Comment