ලක්ෂිකාගේ පෙම්වතා උඩුගුවනේ ~ niruwatha

Thursday, May 29, 2014

ලක්ෂිකාගේ පෙම්වතා උඩුගුවනේ

මේ වන විට ලංකාව තුළ ටිකක් ජනප්‍රිය චරිතයත් තමයි ලක්ෂිකා ජයවර්ධන කියන්නේ.ඉතින් ලක්ෂිකා සුපිරි අන්දරේ චිත්‍රපටයේ ඉතාමත් දක්ෂ ලෙස රංගනයෙනුත් දායක වෙනවානේ.ලක්ෂිකා සම්බන්ධයෙන් පසුගිය දවස්වල එක එක විදියේ කතා ටිකක් නම් සමාජයෙන් අපිට අහන්න ලැබුණා. ‍‍


ඒ කොහොම වුණත් ලක්ෂිකා සම්බන්ධයෙන් දැන් අපි ඔයාලට කියන්න හදන්නේ අලුත්ම ගොසිප් එකක්.ඒ මොකක්ද දන්නවාද? ලක්ෂිකා පළවෙනිවතාවට එයා‍ගේ පෙම්වතා සම්බන්ධයෙන්  දෙරණ වෙබ් ගොසිප් වෙත හෙළි කළා.අපි ලක්ෂිකාගෙන් අහලා බැලුවා එයාට පෙම්වතෙක් එහෙම ඉන්නවාද කියලා.
එතකොට ලක්ෂිකා නම් දුන්නේ මේ මේ වගේ උත්තරයක්?
” පෙම්වතෙක් ඉන්නවා.  මං ඒ ගැන ලොකුවට කතා කරන්න කැමති නෑ. ඉතින් ආදරය කරගෙන යනවා. අනාගතයේදී බලමු ඉතින්.”


ලක්ෂිකා‍ ඒ කියපු දේවලුත් එක්ක අපි ඇහුවා පෙම්වතා මොන ක්ෂේත්‍රයේද කියලා. එතකොට ලක්ෂිකා කිව්වේ මෙන්න මේ වගේ කතාවක්



”   එයා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙකුත් නෙවෙයි.  එයා ගුවන් නියමුවෙක්. ඒ දේවල් කරගෙන එයා ඉන්නවා. එයා මට උදව් කරනවා.”

lak8

lak2

lak9


0 comments:

Post a Comment