කැනඩාවේ පාසලක් තුළ එල්.ටී.ටී.ඊ ධජය තහනම් ~ niruwatha

Sunday, May 4, 2014

කැනඩාවේ පාසලක් තුළ එල්.ටී.ටී.ඊ ධජය තහනම්

කැනඩාවේ පාසලක් තුළ එල්.ටී.ටී.ඊ ධජය තහනම් කර තිබේ. 

කැනඩානු මාධ්‍ය වාර්තා කරන්නේ එරට ඔන්ටාරියෝ ප්‍ර දේශයේ පාසලක පැවති වාර්ෂික හමුවකට එම පාසලේ සිසුවෙකු විසින් එල්.ටී.ටී.ඊ ධජය ගෙනැවිත් තිබු බවයි. 

පසුගිය සිකුරාදා දිනයේ පැවැති එම හමුවට 12 වන ශ්‍රේණියේ කුමාර් මකන්දු නැමැති ශිෂ්‍යා මෙලෙස එල්.ටී.ටී.ඊ ධජය ගෙනෙවිත් ඇති බව සඳහන් වෙයි. 

පසුගිය වසරේ දීද එම පාසලේ ඇති වාර්ෂික හමුවට එල්.ටී.ටී.ඊ ධජය ගෙනවිත් ඇති බවඩ වාර්තා වෙයි. 

අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින් එම ධජ පාසැල් භූමියට ගෙන ඒම තහනම් කර ඇති අතර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා පාසැල් සිසුන් යොදාගැනීමට ඉඩ නොතබන බව පවසා තිබේ. 

අදාළ ධජය ගෙන ආ ශිෂ්‍යා පවසා ඇත්තේ එම ධජය එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සම්බන්ධතාවයක් පවතින බවට තමා නොදන්නා බවත් තම සංස්කෘතිය විදහා දැක්වීමේ අරමුණින් මෙම ධජය ගෙන ආ බවයි. 

2006 වසරේ දී කැනඩා රජය විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 

0 comments:

Post a Comment