තම දියණියගේ පාසල් කොට ගවොමේ වාටිය ලිහා එය දික්කළැයි කියන සිද්ධිය මත නවගත්තේගම නවෝද්‍යා පාසලේ විනය භාර ගුරුවරිය වූ සුසිලා හේරත් මහත්මිය දණගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර එම ගුරුවරියට වන්දි ලෙස ගෙවූ තුන් ලක්ෂය ප්‍රදේශයේ අඩුආදායම් ළමයින් සදහා වන ශිෂ්‍යත්වයක් ආරම්භ කිරීමට යෙදවීමට යයි.
නඩුවේ තීන්දුව අද ලබා දෙමින් පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද නියෝග කළේ සවස දෙකට පෙර වන්දි මුදල් ගෙවන ලෙසයි. නියමිත කාලයට පෙර වන්දි මුදල් නොගෙවන්නේ නම් සිරදඩුවම් නියම වන බව ද විනිසුරු ප්‍රකාශ කළේය.
ඒ අනුව ආනන්ද සරත් කුමාර අදාළ මුදල සවස දෙකට පෙර අධිකරණයේ දී ගුරුවරියට ලබා දුන් අතර ඇය එම මුදල ලංකා ගුරු සංගමයේ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ට භාර දෙමින් එය ගුරු සංගම් අරමුදලට පරිත්‍යාගයක් වශයෙන් භාර ගන්නා මෙන් ඉල්ලීමක් කළාය.
එය ප්‍රතික්ෂේප කළ ජෝසප් ස්ටාලින් මහතා එම මුදල යොදා අඩු ආදායම් ලාබී පවුල්වල දරුවන් වෙනුවෙන් අරමුදල් අරම්භ කරන ලෙස කීවේය.
ඒ අනුව එම මුදලින් අරමුදලක් ඇරැඹීමට නියමිතය.
අධිකරණ භුමියේ රැස්ව සිටි කිහිප දෙනෙකු ගෙන් පල වූ අදහස් කිහිපයක් පහතින්
අගතියට පත් ගුරුවරිය සුසිලා ශ්‍රියාණි හේරත් මහත්මිය
ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවන්න කියලා තීන්දු වුනා. ඒක මට මේ වෙනකොට ලබා දුන්නා. හැබැයි මේ වන්දි මුදල නෙවෙයි මම බලාපොරොත්තු වුණේ. මේකේ සාධාරණය වරද කාගෙද කියන එක සාධාරණය සත්‍ය මොකක්ද කියන එක ලෝකයට පෙන්වන එක තමයි බලාපොරොත්තු වුණේ ඒක ඒ දේ ලැබුණා.
ගුරුවරිය වෙනුවෙන් පෙනි සිටි නිතීඥ ප්‍රියානත් ගමගේ මහතා
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ඒ වාගේම නිති ඉතිහාසයේ තීරණාත්මක දවසක් හැටියට කියලයි මමනම් දකින්නේ. මොකද රටේ නිතිය සෙල්ලම් පිස්තෝල කියලා හිතාගෙන ඉන්න රටේ ජනතාව සෙල්ලම් බඩු කියලා හිතාගෙන ඉන්න පහළ මට්ටමේ ඉදලා ඉහළම මට්ටම දක්වා වු දේශපාලනඥයින්ට අපුරු පාඩමක් අද දවසේ අධිකරණය ඉගැන්නුවා කියලා තමයි මට කියන්න තියෙන්නේ.
නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන අද ගුරු සංගම් කිහිපයක නියෝජිතයින්ද අධිකරණ භූමියට රැස්ව සිටියහ.
ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා
අපි විශ්වාස කරනවා මේක මේ රටේ සියලු බලයෙන් හිස උදුමවා ගත්ත ඔළුව උදුමවාගත්ත සියලු දේශපාලනඥයින්ට හොද පාඩමක්.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා
දෙලක්ෂ දාහත් දාහක් වන ගුරුවරු පාරට බැහැලා මේ සිද්ධිය වුණ දවසේ විරෝධය පල කරා ඒ විරෝධයේ ප්‍රතිඵලය අද අපිට ලැබිලා තියෙනවා. ගුරුවරුන්ගේ ජයග්‍රහණයක් මේක .
සමස්ත ලංකා කාර්යයේ නියුතු ශ්‍රේණිභාර විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා
දේශපාලනඥයින්ට පාසල් භූමියේ සහ ජනතාවට කොතරම් වගකීමකින් කටයුතු කරන්න ඕනද කියලා අද පුත්තලම මහාධිකරණයේදි ගරු විනිශ්චකාරතුමා පැහැදිලි කරලා දුන්නා.
ඒ අතර ගුරුවරිය දන ගැස්සවූ ආනන්ද සරත් කුමාර මහතා මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ මෙවැනි අදහසකි.
9:11 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment