පවුලට එරහි වුනා යැයි කියමින් ගැබිනියකට ගල් ගසා මරා දමලා ~ niruwatha

Thursday, May 29, 2014

පවුලට එරහි වුනා යැයි කියමින් ගැබිනියකට ගල් ගසා මරා දමලා

පවුලේ අවසරයකින් තොරව විවාහයක් කරගත් බවට චෝදනාකරමින් පවුලේ සාමාජිකයන් විසින් ගැබිණිකාන්තාවකට පහර දී මරා දමා තිබෙන පුවතක් විදෙස් මාධ්‍යය වාර්තා කොට තිබේ.
පාකිස්තානයේලාහෝර් නුවර මහාධිකරණ ගොඩනැගිල්ල අසලදී එමකාන්තාව මරා දමා ඇත.

 නඩු විභාගයට සහභාගි වීම පිණිස මිය ගියකාන්තාව අධිකරණ ගොඩනැගිල්ලට ඇතුළු වන විට ඇයගේ පියා ඇතුළු පවුලේ සාමාජිකයන්ඇය අල්ලා ගෙන ගොස් ගඩොල් සහ පොලුවලින් හිසට පහර දී මරා දමා ඇතිබව ඇති බවඑරට පොලිසිය පවසයි.


  පාකිස්තානයේ ඇතැම් ප්‍රදේශවලට සිය කැමැත්ත අනුව ස්වාමිපුරුෂයෙකු තෝරාගැනීම සංස්කෘතියට එරෙහිව යාමක් ලෙස සලකනු ලබයි.එම කාන්තාව මරා දැමීමෙන් පසු ඇගේ පියා පමණක් එම ස්ථානයේසිටියදී අනෙක් සියලු පිරිස් එම ස්ථානයෙන් පලාගොස් ඇත.

0 comments:

Post a Comment