ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඩාලිට් (Dalit) කුලයට අයත් ඥාති සොහොයුරියන් දෙදෙනෙකු සමූහ දූෂණයකට ලක් කර එල්ලා මරා දමා තිබේ.
ඉන්දීය පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 14 සහ 15 පසුවන මෙම සොහොයුරියන් දෙදෙනා පෙරේදා රාත්‍රියේ සිට අතුරුදන්ව සිටි බව ය.
ඔවුන්ගේ මළ සිරුරු සොයාගෙන ඇත්තේ, කත්‍රා නමැති ගම්මානයේ ගසක එල්ලෙමින් තිබියදී ය.
මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට ද චෝදනා එල්ල වී තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ල භාර නොගත් බවට පොලීසියට එරෙහිව විරෝධතාවක් ද පළ කර තිබේ.
කෙසේ වෙතත්, ජනතා විරෝධය හමුවේ පොලීසිය පැමිණිල්ල පසුව භාරගෙන ඇති අතර සැකකාර පොලිස් කොස්තාපල්වරුන්ගේ සේවය අත්හිටුවා තිබේ.
7:48 PM
Unknown

0 comments:
Post a Comment