මෙම පුද්ගලයා පොලිස් නිලධාරියෙකු නම් සිදුවන්නේ අනෙකක් නොව සමස්ත ශ්‍රී ලංකා පොලිසියම ඒ හේතුවෙන් අගෞරවයට පත් වීමයි. ඒ බැවින් මෙවැනි සිදුවීම් පිළිබඳව පොලිසිය නිසි ක්‍රියාමාර්ග ගනු ඇති බවට අප විශ්වාස කරමු.
එමෙන්ම මෙම පුද්ගලයා පොලිස් නිලධාරියෙකු නොවේ නම් මෙවැනි පොලිස් නිල ඇඳුමක් මෙම පුද්ගලයට ලැබුනේ කෙසේද? ඒ කුමක් සඳහාද? ඔහු සතුව මත් ද්‍රව්‍ය තිබෙන්නේ කෙසේද ? ඒවා ඔහුට ලැබුනේ කෙසේද? අනෙකුත් සඟයන් කවුරුන්ද? මොහු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අයෙක්ද ? මෙම පුද්ගලයා මෙම නිල ඇඳුම භාවිත කරමින් වෙනත් අපරාධ කර තිබේද?
මේ පොලිසියෙන්ද? නැතහොත් පොලිස් නිල ඇඳුමක් ඇඳ ගත් වෙනත් පුද්ගලයෙක්ද? තීරණය කිරීම අදාල වගකිවයුතු පාර්ශවයන්ට භාර කරමින් facebook සමාජ වෙබ් අඩවියෙහි පලවී තිබු මෙම වීඩියෝ දර්ශන අප ඔබ හමුවේ තබමු.
9:21 PM
Unknown
0 comments:
Post a Comment