ලොක්කන්ටත් අල්ලන්න අමාරු බොලිවුඩ් ඩාන්ස් මාංශ ~ niruwatha

Monday, May 19, 2014

ලොක්කන්ටත් අල්ලන්න අමාරු බොලිවුඩ් ඩාන්ස් මාංශ

ඇය අප වෙත පිටුපා පිට ප්‍රදර්ශනය කරමින් සිටියා. පිටේ පදාසයක්ම විවෘත වෙලා. පටි සහිත ආයිත්තම නිසා පිට එළියට පැනීමට සූදානම් වගේ. කාමුකත්වයෙන් ස්ත්‍රී අංගපුලා ගැන සිතද්දී ශරීරයේ ඉතා සුළු ප්‍රකට කිරීමක් සිදුකරන පිට ඛෙහෙවින් ක්‍රියාශීලීයි. ඇය අපට මුහුණ දුන්නා. උත්තර භාරතීය රංග ප්‍රතිභාවන් අනියමින් පෙන්වීමට මෙන් ඇය එම උච්ච නාසික්‍යයත් තිබූ ගීතයට අනුකූලව අපූරු රංගනයක් ඉදිරිපත් කළා. මනුෂ්‍ය ශරීරයේ ප්‍රධානතම සංජානන ඉන්ද්‍රිය වූ දෙනෙත් ඇය උපයෝගී කරගත්තේ ඇයගේ රැඟුම් බලන්නන් දවා හළු කිරීමට. සියවස් ගණනාවකට කලියෙන් ඉතාලි ගණිකාවන් අමුත්තන් පිළිගැනීමට ප්‍රථම ඇස්වලට ඛෙලඩෝනා බින්දු කිහිපයක් හලාගත්තේලු` අප සැක කළේ මෙහෙව් දීප්තියක් ඇස්වලින් වස්සවන්නට ඇයට හැකියාව ඇත්තේ එවැන්නක් නිසාද කියා. ඇය ආශාව දෙනෙත්වලින් මුදා හැරියත් එය ව්‍යාජ ප්‍රකාශනයක්.

ඇය සිය දෑඟිලි මඟින් දෙනෙත් වසා ගන්නා නර්තනයක් ඉදිරිපත් කරන්නට වුණා. දකුණු අතේ මහපටඇඟිල්ල ඉරණම්කාරි දෝෂයකට අසුව වගේ. ඒත් දබර ඇඟිල්ල මැදින් දෙනෙත් පෙනෙන විට එය ලස්සනයි. කතෝලිකයන් දබර ඇඟිල්ල ශුද්ධ අල්තාරයට කැප කරද්දී ඉස්ලාම්වරු එය ෆාතිමා ආර්යාවට කැප කරන්නේ එම නිසා විය හැකියි. ඇයගේ රැඟුම් බැලීම සඳහා විශාල ප්‍රමාණයක පිරිසක් පැමිණ සිටිනවා. පස්ස ගස්සා උකුල සලිත කරද්දී ගොඩාක් පිරිමි එහි තෘප්තිය තම ශරීරයට එක්කාසු කර ගන්නේ තම දෙවොටරට තප්පුලමින්.

ඒ විදියට ඇයගේ නර්තනය බලමින් සිටි මැදහත් වියේ පුද්ගලයෙක් කරා මම කිට්ටු වුණා. පිස්සු හැදෙනවා පුතා. මෙතන ඔන්ලි ඩාන්ස් විතරයි. මම හරි ආසයි. පොඩි අඩියක් ගහගෙන කෙල්ලෙක් නටනව බලන්න කොයි මිනිහද අකමැති. අනික∙ බලනවාකෝ මේ කෙල්ලෝ ඉටි රූප වගේනේ. මුන් ගස්සල පද්දල නටද්දි මට මොකක්ද වෙනවා වගේ හලෝ. මම මෙතෙන්ට ඇවිත් මේ විදියට ඩාන්ස් බලන්න අරගෙන දැන් මාස දෙක තුනක් වෙනවා. කොහොමත් දවසට තර්ටීන් තවුසන් විතර වියදම් වෙනවා. මොකද? කීයක් වියදම් වුණත්. අපිත් ජීවිතේ විඳින්න එපායැ.

මම මෙතෙන්ට එන්නේ සෙක්ස් බලාගෙන නෙවෙයි. මේ ගෑනුන්ගේ ලස්සන බලන්න. අනික ගෑනු ශරීරයේ ලස්සන තියෙන්නේ ඇඳුම් උනල දැම්මට පස්සේ නෙවෙයි. මේ විදියට ඇඳලා ඉද්දි. ඉස්තරම් වර්ගයේ අරක්කු වඩියක් සප්පායම් වෙමින් ඔහු පවසා සිටී. ඔහුට එහා ඇති සෝපාවේ වාඩි වී සිටින්නේ ඉංගී්‍රසි ජාතිකයෙකි. ඉංගී්‍රසි ජාතිකයා නොදැවුණු හැඟීම් ඇත්තෙක් යැයි කීම යුක්ති යුක්තය. ඔහුගේ දෙනෙත් ටෝච් එළියට කණ වැටුණ හාවාගේ සේය. ඒ දෙනෙත් අබියස ඇයද දිවි දෙනක් ලෙස හැසිරේ.

මෙම සියලු අංග උපාංගවලින් සුසැදි කාමර පන්තිය පිහිටා තිඛෙන්නේ කොළඹ නගරයේ එක් ප්‍රධාන මාර්ගයකට මුහුණලාය. පාරේ යන එන සාමාන්‍ය පුද්ගලයෝ තමන්ට ආසන්නයේ ඇති ගොඩනැඟිල්ලේ සිදුවන්නේ කුමක්දැයි නොදනිති. එය සැබෑවක් නොවන බව පසක් කරමින් අපට නියමිත ඔත්තුව ලැබිණි. කෙල්ලෝ නටනව නෙවෙයි∙ නටවනවා. ගොඩාක් කෙල්ලන්ට වීසා නෑ. එතන ලොකු ප්‍රශ්න ගොඩාක් තියෙන තැනක්. ඉන්දියන්-නේපාල කෙල්ලෝ තමයි වැඩිපුර ඉන්නේ ඩාන්සින් රූම්වලට පිටිපස්සේ VIP රූම්ස් තියෙනවා. අනික ඔතන කාලෙකට කලියෙන් මිනී මැරුමක් වුණා. කෙල්ලන්ගේ ඩාන්ස්වලට ෘන‍ දාන්න ඉන්දියන් කොල්ලෙක් ආවා.

ඒ කොල්ලා ඩාන්ස් කරන කෙල්ලෙක්ගේ සහෝදරයෙක්. කොහොම හරි ඒ කොල්ලගේ සහෝදරීව මේ වැඩේ කරගෙන යන කෙනා එයාගේ වුවමනා එපාකම්වලට බලහත්කාරයෙන් තියාගත්ත. කෙල්ලයි කොල්ලයි (සහෝදරයන් දෙන්නා) ආපහු තමන්ගේ රටවලට යන්න ඕනෑ කියලා පාස්පෝට් ඉල්ලුවාම ෘන‍ දාන්න ආපු කොල්ලට පහරදීලා තියෙනවා. කොහොම හරි ඒ කොල්ල මැරුණා. මරණය සිය දිවි නසා ගැනීමක් කියල පොලිසිය එළියට පෙන්නුවා. අද තාම වෙනකම් මරපු කෙනෙක්වත් මැරුණ විදිය දන්න කෙල්ලවත් නෑ. ඒ වගේ වැඩත් මෙතැන වෙනව. මේ වැඩේ මොන වගේ එකක් ද කියලා තේරුම් ගන්න ඔයාලට එක දවසෙන් දෙකෙන් අමාරුයි. අනික ලොකු සල්ලියක් වියදම් නොකර එතන ගැවසෙන්න අමාරුයි. අනික් තැන්වල කෙල්ලෝ වගේ නෙවෙයි∙ මෙතැන කෙල්ලෝ කස්ටමර්ට කතා කරන ගාණට ගේන්නේ. ඒ කස්ටමර්ම ලක්ෂ හය හතක් වියදම් කෙරුවට පස්සේ. ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක්. කෙල්ලෝ ඩිමාන්ඩ් කරලා තමයි අන්තිමට කස්ටමර් අතට දෙන්නේ.

හදිස්සියේ අවශ්‍යතාවක් ඉටුකරගන්න ඕන කෙනාට නේපාල-ඉන්දියානු කෙල්ලෝ වගේම ඉන්න ලංකාවේ කෙල්ලන්ව දෙනවා. අනික ඪෂඡ කාමර. මේ VIP කාමරයක් රුපියල් තිස් දාහේ ඉඳලා පනස් දාහ වෙනකම් තියෙනවා. VIP කාමරයට ගෑනු ළමයි දෙන්නෙක් දෙනවා. ඉල්ලන (ඒ ස්ථානයේ ඇති) අරක්කු ජාතියක් දෙනවා. ඒ කාමරයේ ‍දොර වැහැව්වම ආයේ අරින්නේ කස්ටමර් කිව්වට පස්සේ විතරයි. ලංකාවේ දේශපාලකයෝ, ලොකු ලොකු සල්ලිකාරයෝ ඒ කාමර වෙන් කරගන්න පුදුම විදියට ට්‍රයි කරනවා. ඒත් අමාරුයි.

අනික් දේ තමයි මේ කෙල්ලෝ කාටවත් එළියට යන්න දෙන්නේ නැහැ. එළියට යනවා නම් යන්න ඕනෑ වැඩේ කරගෙන යන කෙනෙක් එක්ක. කොහොම හරි මෙතන ඉන්න කෙල්ලෝ දෙන්නෙක් හොරෙන් එළියට ඇවිත් බම්බලපිටිය පොලිසියටයි කොල්ලුපිටිය පොලිසියටයි නේපාල් එම්බසි එකටයි එයාලට කරන කරදර ගැන පැමිණිලි කළා කියලා ආරංචියි. ඒත් පොලිසිවලින් කිසිම කරදරයක් ඒ අයට නෑ. මොකද ඒ අය කලින්ම පොලිසි අල්ලල. මම මෙතැන වැඩකරන්න අරගෙන දැන් අවුරුදු තුනකට වැඩියි. මේ අවුරුදු තුන ඇතුළත කෙල්ලෝ සෙට් 6-7ක් ආව. එක ටීම් එකකට කෙල්ලෝ 10ක් විතර ඉන්නවා. ආපු කොයි කෙල්ලවත් හිත සතුටින් මෙතැනින් ගියේ නෑ. කෙල්ලෝ මෙතෙන්ට ගේන්නේ ඩොලර් 1000ක් මාසෙට ගෙවනව කියලා. ඒත් ඒ කෙල්ලන්ව ලොකු සල්ලිකාරයෙක්ට විකුණුවාම ලැඛෙන ටිප් එක පවා කෙල්ලන්ගෙන් කොල්ල කනවා. මේව කාට කියන්නද. කිසිම තේරුමක් නැති වැඩක් මේ ගැන කාටවත් කියන එක.

අනික් කතාව තමයි වීසා ඉවර වුණ ගෑනු ළමයින්ව මේ වගේ තැන්වල තියාගෙන ඉන්න වැඩේ කරන අය ගොඩාක් කැමැතියි. මොකද වීසා ඉවර වුණ ගෑනු අය මොන ප්‍රශ්නයකට මූණ දුන්නත් ඒ අයට නීතියේ සරණක් හොයාගෙන යන්න විදියක් නෑ. ඉටිරූප වගේ ඉඳලා මේ කෙල්ලෝ හම්බකරගන්න ටික අන්තිමට දීලා දාන්නේ කැමැත්තකින් නෙවෙයි. කරන්න දෙයක් නෑ. ඒත් අන්තිමට කරන්න කියලා දෙයක් හොයාගෙන පොලිසියට ගියොත් ආයේ පාරක් මේ ගුබ්බෑයම අස්සේ වැඩිපුර දුක් විඳින්න වෙනවා කියලා ඒ ගෑනු ළමයි දන්නවා. ඒ හින්දා කිසි කෙනෙක් - කිසි දෙයක් කාටවත් කියන්නේ නෑ. ඪෂඡ රූම් වලදී වෙන්නේ මොකක්ද? ඒ තැන්වලට ලොකු ලොකු අය එනවා. යනවා. ඒ මිනිස්සු මේ ගෑනු ළමයි එක්ක හිතවත් වෙනවා කියලා හිතමු. ඒ වුණත් ඒ අයට කරන්න දෙයක් නෑ. මේ වගේ ආයතන එක්ක නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ.

ඔහු කියූ කාරණා ඇසූ පසු මා පෙළන්න වූයේ කෙසේ හෝ මෙම ස්ථානයේ තරුණියක සමඟ හිතමිත්‍ර විය යුතුයි යන්නය. කාසි-පනම් හොඳ හැටි විසි කිරීමට හැකියාව ඇත්නම් එය අසීරු කාරණයක් නෙවෙයි. අහේතුක කරුණක් වෙනුවෙන් ඒ දෙය කිරීම සඳහා සිත එකලස් කරගත නොහැකියි. වැරැන්ඩාවේ සිට ඉහළ මාලයට පිවිසීම බවුන්සර්වරු (රාත්‍රි සමාජ ශාලාවල ආරක්ෂකයන්) කීප දෙනෙක්ගේ ඍජු අධීක්ෂණය යටතේ සිදුකෙරෙන්නේ. ඉහළ මාලයේ කෙරවළක සුවිශාල දර්පණ කිහිපයක් මඟින් විශාලත්වය මවා පෙන්වන ලද ස්ථානයක කෙල්ලන් රැඟුම් දක්වනවා. ඔවුන් සැබෑ සුරූපිනියන්. ගැහැනියගේ අභ්‍යන්තරය සහ එහි ගතිකත්වයත් එළියට පැමිණියේ ඇය විසින් තමා සතුටුවන්නියක් ලෙස සමාජයට හඳුන්වා දීමෙන් අනතුරුව.

ඇය සතුටුවන තැනැත්තියක් වූයේ අභ්‍යන්තර වශයෙන් නෙවෙයි ඉන් පරිබාහිර ක්‍රියාවක් වූ ලිංගිකත්වය තුළදී. ගැහැනියකගේ සිරුරේ නව මානයන් විදියට ~ක්ලිටෝරිසය~ එහෙමත් නැත්නම් භගමනිය සොයා ගත්තා. දැන් ඇය සතුටු කරවිය හැකි තැනැත්තියක්. ස්වභාවදහම ඇය පිළිබඳ එවැන්නක් පවසා සිටියත් සැබෑ ලෙස සමාජයේ විවිධ වෘත්තීන්වල නිරත වන කාන්තාවන්ට මෙම සතුට හිමිව ඇද්ද? දිනපතා පිරිමි ශරීර කන්දරාව සමඟ නිදි වදින කාන්තාවකගේ චිත්ත අභ්‍යන්තරය සදාකාලිකව ඒ නිසා සතුටු වෙනවාද? එය කිසිසේත් සිදුවිය නොහැක්කක්.

මෙම නේපාල ජාතික තරුණ ගෑනු මනුස්සයෝ කීප දෙනා අතරින් තමන් නිරත වන වෘත්තිය තුළ සතුටු වන්නේ කවුද? එය සිදුවිය හැකි දෙයක්ද? දිගින් දිගටම සිතා බැලුවත් එය සිදුවිය නොහැක්කක්. ඇය එළිදක්වමින් සිටි නර්තනය කිසිසේත් ගීත කණ්ඩයට සමපාත නැත. ගීතයේ අරුත සමාජ අසාධාරණය හෝ ප්‍රේමය නම් ඇය දිගින් දිගටම ඒ සඳහා පස්ස ගැස්සීම සිදුකළා. සැබෑ ලෙස එම ගැස්සීම කුළෑටි සිතත් සලිත කරවන්නක්. ඇයගේ බඳ ගැස්සීම නිසාවෙන් ඉවසා දරා සිටීම අවසන් කළ වයෝවෘද්ධ අරාබි ජාතිකයෙක් නැඟී සිටියා. ඔහුට අවශ්‍යව ඇත්තේ ඒ වේලාවේ එතැනදීම තරුණිය සමඟ රමණයේ යෙදීම. හැඩි දැඩි බවුන්සර්වරයෙක් පැමිණ ඔහුව වළක්වා නැවත වරක් සැප පුටුවට බරවන්න යැයි සොඳුරු ආඥාවක් නිකුත් කළා. ඒ කිසිවක් ඔහුට බලපාන බවක් පෙනෙන්නට නැහැ. ඔහු සිය සාක්කුවේ ඇති පසුම්බිය විවෘත කළා. එයින් එළියට පැමිණියේ අමෙරිකානු ඩොලර් (ඩොලර් 50 නෝට්ටු) රැසක් ඇය වෙතට දමා ගැසුවා. තම අවශ්‍යතාව පිළිබඳව සහ එය ඉටු කරගැනීම සඳහා ඇති වුවමනාව එලෙසින් ඔහු ප්‍රකාශ කළා. දැන් සාමාන්‍ය විදියට බවුන්සර්වරු ක්‍රියාත්මක වෙනවා. තරුණිය රැඟුම අතරතුර ඩොලර් එක්කාසු කිරීම සිදුකරනවා. ඇයගේ පාඟිලි ඩොලර් අතරමැදි කරගෙන. තනපටයේ ඉහළ කෙළවරේ එළියට පැනීමට වගේ බලා සිටින පුන් පියයුරු ඩොලර් කොළවලින් ආවරණය වෙලා. (අනේ∙ පින් කරපු අමෙරිකන් ජනාධිපති) ඩොලර් විසි කිරීම වේගවත් වෙද්දී බවුන්සර්වරයෙක් ඔහු වෙත පැමිණ යමක් පවසා සිටියා. ඔහු බවුන්සර්වරයාට එකඟවී ශාලාවෙන් පිටව ගියා.

යළි මොහොතකින් ඔහු පැමිණියේ පරිපූර්ණ සිනහවකින් සැරැසී. සිනහ මුවින්. ඔහු ඇයගේ නර්තනය දෙස බලා සිටිනවා. සිනහවේ අරුත. ඇති තරම් නටපන්∙ මම නුඹට ගෙව්වා. තව ටිකකින් පැටික්කියේ නුඹ මම ගාව යන්න විය හැකියි. එය එලෙසම ඉටුවුණා. තරුණිය රඟ මඬලෙන් බැස ගියේ ඇය අතට පත් තුණ්ඩු කැබැල්ල නිසාවෙන්. අරාබි ජාතිකයා සැප පුටුවෙන් නැඟිට්ටේ ඇය පසු පස යා යුතු නිසාවෙන්. මාගේ උපකල්පනය නිවැරැදි නම් ඇය තව සුළු මොහොතකදී මහලු අරාබිකාරයා ඉදිරිපිට සිය සළු පිළි උනා දැමිය යුතුයි. ඒ සඳහා ඇයගේ කැමැත්ත හෝ අකැමැත්ත තීරණාත්මක දෙයක් නෙමෙයි. රඟමඬලෙන් ඇය බැස ගිය පසු ඇයගේ අඩුව පිරවීම සඳහා පැමිණියේ තවත් බුහුටි තරුණියක්.

ඇය සිහින් ඉඟක් ඇත්තියක්. ඉනෙහි මෙම පටු භාවයට එක් අතකින් හේතු වී ඇත්තේ ඉණට ඉහළින් ඇති පියයුරු සහ පහළින් ඇති දරුවන් ප්‍රසූත කිරීම සඳහා උත්තේජකයක් වන පළල් උකුල. ඇය දෙස රාගාන්විතව බලන කිසිදු අයෙක් මේ සා දෙයක් නොදකින්නේ නොදන්නාකම නිසා විය යුතුයි. කලකදී තරබාරු ජයලලිතා තරුණ සිත් සතන්වල අග රැජන වීම. පසුකාලීනව මැරලින් මොන්රෝ එම තනතුරට පත්වීම. හුදෙක් ඉඟ පිළිබඳ තරුණ සිත් සතන්වල සිදුවූ වෙනස්කම නිසා සිතන්නට පුළුවන්. එය සැබෑ කරමින් අමෙරිකන් ජාතිකයන් කීපදෙනකු ඇයගේ පටු ඉණ පිළිබඳ අකැමැති ස්වරූපයක් පළ කරද්දී වඩ වඩා කැමැති ස්වරූපයක් පළකරන්න වූයේ ඉන්දියන් ජාතිකයෙක්. ඇයගේ නර්තනය අමෙරිකානු පොප් නර්තනය ඔහු තටමන හින්දුස්තානි උච්ච නාසික්‍යයක් ඇති ගීතයක්. අවසානයේදී ඇය දිනා ගත්තේ පෙර කී ඉන්දියන් ජාතිකයා. ඔහු රටක් රාජ්‍යයක් ලැබුණෙක් ලෙස හැසිරුණා. කුරිරු බවේ අනත්තර ගතිකත්වයක් පෙන්නුම් කරමින් ඇයව ඉහළට එසවූවා.
අසරණ∙ තරුණිය. විරුද්ධාභාෂයක් නොමැතිව එසවීම්, තෙරපීම් නොතිත් හැසිරීම් සහ මිරිකීම්වලට අවනත වුණා.

සෙල්ලම් බඩුවක් ලෙස ඇයව භාවිත කළ විනාඩි කිහිපය තවදුරටත් නොදැවුණු තිරිසන් ගති මිනිසුන් තුළ ඇති බව පෙන්වන්නක්. ජයග්‍රහණයේදී අනෙකාගේ බිරිය ඩැහැගන්නා ගෝත්‍ර ලක්ෂණ පමණක් එයින් පෙන්නුම් කළා. ඔහු තරුණිය කැටිව පිටව ගියාට පසු ඒ හිස්තැන පුරවන්න පැමිණියේ ආලය ලෝලී තරුණයෝ.එය සිදුකිරීම සඳහා දෙපාරක් නොසිතන තරුණියන්. ඇය සැබෑ පුළුල් උකුලක් ඇති තැනැත්තියක්. තත්ත්වය කෙසේ වුවද ඇයද සිය අංගපුලාවන් නර්තනය අතරතුර පළ කළ යුතුයි.
පසු කතාව
දැනට දින කිහිපයකට පෙර මෙම නේපාල් ජාතික තරුණියන් පොලිසියට කොටු වූ බවත් ඔවුන් මේ වන විට රටින් පිටුවහල් කිරීම සඳහා ***** රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බවත් දැනගන්නට ලැබිණි.
ප්‍රභාත් අත්තනායක


1 comments:

Anonymous said...

ෂුවර් එකටම බොදු බලසේනා සේනාධිපති රාජකීය පණ්ඩිත ඝරුථර ඥානසාර ස්වාමීන්වහන්සේ මේ රතී රඟමඬල ගැන දන්නෙ නැතුව ඇති.මොකද නිතරම නොර්වේ, ඇමරිකාවෙ එහෙම ගමන්බිමන් තොරතෝන්චියක් නැතුව යන එන හින්ද උන්වහන්සේ මේ ගොන් ස්පොට් එක හීනෙකින්වත් දැකල නැතුව ඇති.. හැබැය් පුතෝ උන්වහන්සේ මේ ගොන් ස්පොට් එක දැනගත්තදාට තමය් සෙල්ලම තියෙන්නෙ. ඉස්සෙල්ලම උන්වහන්සේ බලන්නෙ මේ ගොන්ස්පොට් එක තමන් නිතරම වඩින නොර්වේවල ගොන්ස්පොට් වගේද කියල බලන්න බඩුවක් සිවෘ පොරවල ගෙනිහිල්ල දෙය් පැලිලම යන්න.භගමනීය[ක්ලිටෝරිසය] හපල කටටම ගනීවි.ඕං මං කිව්වෙ නෑ කියන්නනම් එපා.

Post a Comment