අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය ඉන්දියාවෙන් (Video) ~ niruwatha

Monday, May 19, 2014

අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය ඉන්දියාවෙන් (Video)

අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳ උණුසුම පහව යන්නටත් මත්තෙන් එම සිදුවීම අලලා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ රුපේෂ් පෝල් සූදානම් වේ. පසුගිය මාර්තුවේ දී අතුරුදන් වූ MH370 යානය තවමත් හමුවී නොමැති අතර මැලේසියානු මාධ්‍යෙව්දියකු විසින් රුපේෂ් පෝල් වෙත පැවසූ සිදුවීම් සමූහයක් පදනම් කරගෙන මේ චිත්‍රපටය ලියැවී ඇත.

නමුත් අනතුරින් මේ තරම් සුළු කාලයකදී මෙවැනි චිත්‍රපටයක් නිර්මාණය කිරීම පිළිබඳ විවිධ මත ගොඩනැගෙමින් පවතින අතර යම් හෙයකින් චිත්‍රපටය නිර්මාණ කිරීමෙන් පසුව හෝ ඒ අතරතුර යානය හමුවුවහොත් ඇතිවිය හැකි පරස්පර විරෝධි සිදුවීම් විශාල අභියෝගයක් වනු ඇත.

ඩොලර් මිලියන 3.5 ක් වැයවේ යැයි ගණන් බලා ඇති මේ චිත්‍රපටය එළඹෙන අගෝස්තු මාසයේ තිරගත වීමට නියමිතයි.



0 comments:

Post a Comment