වැල්ලේ විත්ති ගොඩයි , බිත්ති අස්සේ රඟයි , ජීවිතේ රහට ගලයි ~ niruwatha

Friday, May 23, 2014

වැල්ලේ විත්ති ගොඩයි , බිත්ති අස්සේ රඟයි , ජීවිතේ රහට ගලයි

ආදරේ කියන්නේ මොන වගේ දෙයක්ද බං...
මචං ආදරේ කියන්නේ පුංචි පුංචි දේවල් ගොඩක් එකතු වෙලා හැදෙන ලොකු දෙයක්.
මොනවද බං ඒ පුංචි පුංචි දේවල්...
හුස්ම, සිතුවිලි.., පාට... පුසුඹ... දුර... තව.. කඳුළු.. උණුසුම... සීතල...

ඇති... ඇති...
මේ අපි අතරේ වෙච්ච කතාවක්. එතකොට ආදරේ කියන්නේ නෙල්ලි ගෙඩියක් වගේ රස ගොඩක් පිරුණ දෙයක්. හොඳයි නේද. මේ උඩ අපි කතා කරපු කතාවේම ඉතිරි ටික අහනවද ඔබ... එහෙම නැත්නම් වෙන කතාවක් අහනවද... තීරණයක් ගන්න මං ඔබට මේ කතාවේම තව එක දෙබසක් කියන්නම්.
~මචං මං බැන්දේ ජර්මන් කෙල්ලෙක්. ඒත් මට වඩා අවුරුදු දාහතරක් වැඩිමල්. මට පුතෙක් ඉන්නවා. එයාට අවුරුදු නවයයි. එයාත් ඉන්නේ ජර්මන්වල. ජීවිතේ මං තමයි වැරැදි කළේ. අපි දැන් ඩිවෝස්.

දැන් උඹට වයස කීයද...
කීයක් කියලා කියන්න පුළුවන්ද...
තිස් තුනක්...
තිස් පහයි. ඊයෙට හරියට මට වයස අවුරුදු තිස් පහයි...
ඉතිං කතාව අහමු නේද... මං හිටිය එතැන ලස්සන, සුපිරි, පිරිසුදු තැනක්. වේවැල් පුටු හතරක් එක්ක ලොකු සාලේ කොනක කළු සැටියක් පෙළට තියලා තිබුණා. හාන්සි පුටු දෙකක එකක් අපේ කතාකරුවාට පහසුව සලසලා තිබුණා. ඒ හාන්සි පුටුව මායිමේම දුම් වලා නංවන ඇෂ්ට්‍රේ එකක් ස්ටූල් එකක් උඩ තිබුණා. ඒ හැමදේම අතරේ ටයිල් පොළොවේ තැන තැන ලස්සන රටා මැවුණු වටින පන් කළාල එළලා තිබුණා. අපේ කතාකරුවාගේ ඇස් අඩවන් වෙලා ඈත අනන්තයක් වෙත යොමු වෙලා තිබුණා. මේ තිබුණු හැම දේම මොන විදියට ලැබුණු දේවල්ද...

උපන් දිනයට මොනවද කළේ...
මොනවද ඉතිං. ස්ටෙලා තමයි. හොඳත් ගෑනු. නරකත් ගෑනු. ඒකනේ ගෑනුන්ගේ නම් ලස්සන.
ඉතිං ගෑනුත් ලස්සනනේ.
ඒ පිරිමි අපිට පේන හැටි. ගෑනුන්ට ගෑනු පේන්නේ කැතටමයි. ඒ වුණාට බොරුවට කියනවා. ~අනේ ඔයා හරි ලස්සනයි මෙයා~ කියලා. හා නැද්ද...
ඒක නම් මං දන්නේ නෑ. ජීවිතේ කතාව කියන්නකෝ...
මොනවද ඉතිං එක බට්න් එකේ වරදින් මුළු ජීවිතේම කණපිට හැරුණා.

හ්ම්... හුම්...
මං බැන්ද කෙල්ල මුලින්ම මේ වැල්ලට ආවේ අම්මත් එක්ක. අම්මා ටීචර් කෙනෙක්. කෙල්ලත් ටීචර් කෙනෙක්. හැබැයි ඔටිසම් ළමයින්ටයි උගන්නන්නේ. ඒ දෙදහේ මැද වගේ. මං පොඩියි. ඒ කියන්නේ පෙනුමෙන්. හැබැයි කොණ්ඩේ වවලා. පච්ච කොටලා. මේ තියන්නේ මං මුලින්ම ගැහුව ටැටූ එක... දැක්කම තේරෙනවනේ මොකක්ද කියලා.

ඔව්. කැනබීස්.
හරි. මං ලෙසට මේ වැල්ලේ සෙල්ලම් දාන කාලේ. ඒ කාලේ තමයි කෙල්ලයි, අම්මයි මේ බීච් එකේ ඇවිදින්න ආවේ. අර පේන හොටෙල් එකේ නැවතිලා හිටියේ. මෙහෙම බීච් එකේ ඇවිදගෙන එද්දි කෙල්ලගේ කකුල කපලා ගියා ලොකු බෝතල් කටුවකට. මගේ ළඟම කෙල්ල එහෙමම බිම ඉන්දවුණා. බිකිනියයි සන්ග්ලාස් දෙකයි ඇරෙන්න වෙන මුකුත් නෑ ඇඟේ. කෙල්ලගේ කකුලෙන් ලේ විදින්න පටන් ගත්තා. දන්නවද මං කළේ මොකක්ද කියලා...
හුම්...

මං එවේලේ ඇඳන් හිටිය ස්කිනිය ගලවලා කෙල්ලගේ කකුල ගැටගැහුවා. ලේ එකයි... අම්මා කෑ ගහනවා ෆස්ට්ඒඩ් ඉල්ලලා... කෙල්ලගේ කකුලේ යන ලේවලට වඩා කෙල්ල මං දිහායි බය වෙලා බලාගෙන හිටියේ... පස්සේ ලයිෆ් ගාඩ්ලා ඇවිත් ඇඳක තියාගෙන කෙල්ලව අරගෙන ගියා....එච්චරයි...
ඉතිං...
ඊට පස්සේ ආයිත් මං ඒ කෙල්ලව දැක්කේ අවුරුද්දකට පස්සේ...

කොහේදි ද...
එතැනම... ඒ වැල්ලේම...
ඊට පස්සේ ඒ කතාකරුවා ලයිටරේ දෙපාරක් දැල්වූවා. මෙච්චර වෙලා නිවිලා තිබුණු ටැටූ සලකුණේ කොළේ එතුණු සුරුට්ටුවේ ගිනි එළිය දීප්තිමත්ව දැල්වෙලා ආයිත් අඳුරු වෙන්න පටන් ගත්තා... කටින් ඇද්ද දුම් ගුළිය හිමිහිට නහයෙන් ආයිත් කය ඇතුළට ගන්න ගමන්ම එයා කතා කරන්න පටන් ගත්තා...
ඔයා විශ්වාස කරනවද යාළු දෛවය ගැන.

ඔව්.
හරියට හරි. මං අන්ත දුප්පත් හිඟන්නෙක්. මං ඉස්කෝලේ ගියේ හයට විතරයි. අපේ තාත්තා කියන කෙනායි, මායි අහසට පොළොව වගේ... මං ඒක කිව්වේ හේතුවක් ඇතිව... මට පුංචි කාලේ ඉඳලම අම්මව තේරෙන්නේ නෑ... අම්මා බලු පැටව් ගාණටයි අපිව හැදුවේ... අපේ පොල්අතු පැලේ හැමදාම රෑට හෙවණැලි දෙක තුනක් ඉස්සරහ පැළැලි ‍දොර ඇරගෙන එක එක වෙලාවල්වලට ඈත් මෑත් වුණා... හිතන්න. ඒ කවුද... ඒ අය අතරේ තමයි මගේ ඇත්ත තාත්තත් ඉන්න ඇත්තේ...

වයස කීයද ඒ කාලේ...
මට, අවුරුදු පහක් ඇති. අපේ තාත්තා කළේ පොලිෂ් වැඩ. වැස්ස දවස්වලට බූරු ගහන එක... අව්ව දවස්වලටත් බූරු ගැහුවා... ඒ වුණාට වැස්ස දවස් තමයි හැමදාම තිබුණේ... ඔයාට තේරෙනවද යාළු... අපේ පවුලේ ළමයි පහක්... - කොල්ලෝ තුනයි. කෙල්ලෝ දෙකයි... එක සහෝදරයෙක් ආමි... එයා මැරුණා...
ඔයාගේ නෝනා ගැන කියන්න.

එහෙම තමයි. අපි ලයිෆ් එක ගෙව්වේ. දුක කියෙන්නේ මොකක්ද කියලා කිසිම විදියකට මට සමාන කරන්න දෙයක් නෑ. අපි තුන්වේල බඩගින්නේ ඉද්දි අපේ ගේ ළඟම සුද්දාගේ පාරාදීසේ ටේබල් උඩ කුකුළු පළු පිටින් කපුටෝ රෑන් අරගෙන ගියා. මං කපුටන්ට ගල් ගහලා උන්ගෙන් කෑම උදුර ගෙන කාපු එකෙක්... ඔයාට තේරෙනවාද. බඩගින්න කියන්නේ. තිබහ කියන්නේ මිනිස්සු, සත්තු කරන දෙයක්... ඒකටම එකතු වෙන තව දෙයක් තියෙනවා...
මොකක්ද ඒ.

සෙක්ස්... මනුස්සයා, අන්ත තිරිසනෙක් කරන දෙයක් තමයි සෙක්ස් කියන්නේ... ජීවිතේට හැම දෙයක්ම හරියන්නේ, වරදින්නේ සෙක්ස් එක්ක... ඒක තමයි ලෝකේ තියෙන දරුණුම ආයුධේ... ඒකේ ඇත්ත නම ඉරිසියාව... මේ ආයුධෙන් කැපෙන හැටි බලන්න හරි ලවකට සෙට් වෙන්න ඕනේ... තේරෙනවද යාළුවා...
ඔව්. ඇත්ත...
ඉතිං හිතන්න ඊයේ මේ පැලස් එකේ සීයක් හිටියා. අද ඔයා විතරයි. මං ඒකයි කිව්වේ...
හරි අපි අරක ගැන කතා කරමු.
යාළු ගඟ ගලන්නේ ගඟට ඕනේ හැටියට. ඒකේදි මෙතැන කන්දක්, මෙතැන මංකඩක් මෙතැන වක්කලමක් කියලා තීරණය කරන්නේ ගඟ. ගඟ... ගලන්නේ ගඟට ඕනේ හැටියට... හරිද...

ඔව්...
ඉතිං. ජර්මන් කෙල්ලයි, අම්මයි එදා වගේම. ඒ කියන්නේ ඊට අවුරුද්දකට ඉස්සර දැක්කා වගේම බීච් එක දිගේ ඇවිදගෙන යනවා... හැබැයි කෙල්ලගේ ඉණ වටේ මොකක් හරි ඔතලා තියෙනවා... මගේ ස්කිනි එක... මට හිනා ගියා... මං ඒ වෙනකොට බීච් බෝයි කෙනෙක්. හැබැයි ලයිෂන් නෑ... භාෂා දෙක තුනක් තළා ගන්න පුළුවන්. මගේ කොණ්ඩේ එතකොට මේ ගාණ. පිට මැදට. මං ගියා ඒ දෙන්නා ළඟට. ඉංග්‍රීසිවලින් ඇහුවා ~මාව මතකද~ කියලා. දන්නවද වෙච්ච දේ.
හ්ම්...

කෙල්ල මාව බදාගෙන ඇඬුවා. එයාගේ ජීවිතේට ඒ වගේ රෙස්පෙක්ට් එකක් කවුරුවත් කරලා තිබුණේ නෑ කිව්වා. මාව හෙව්වා කිව්වා ගොඩාක්. එදා බෝතල් කටුවට කැපුණු දවසට, දවස් දෙහෙකට පස්සේ එයාලා පිටරට ගියා. කිව්වා. එහේ ඉඳලත් මාව හෙව්වා කිව්වා. මං කියලා පස් දෙනෙක් එයාලට කතා කළා කිව්වා. ඒ අය නෙවෙයි කියලා දැනගෙන කොහොම හරි මාව හොයාගන්න ආයිත් මෙතැනටම එන්න හිතා ගත්තා කිව්වා. එයාලට අපේ ගේ බලන්න ඕනේ වුණා. අපේ පොල් අතු ගෙදරට ගිහින් කැඩිච්ච වේවැල් පුටු දෙකක ඒ දෙන්න ඉඳගෙන හිටියා. ඊට පස්සේ දවස් තුනක් මාත් එක්ක ඒ අය හිටියා. මාව, මගේ ජීවිතේ වෙනස් කරනවා කිව්වා. දවස් තුනකට පස්සේ එයාලා ආයිත් රට ගියා.

මොනවත් ලැබුණේ නෑ.
අන්න යාළු... ඔයා පැන්නා... ගනුදෙනු නෙවෙයි මේ... ලවක් මෝදු වෙන්නේ... කෙල්ල රෑ දෙකක් මාත් එක්ක මේ බීච් එකේ එහෙට මෙහෙට ඇවිද්දා... අපි අතරේ කිස් එකක්වත් ගනුදෙනු වුණේ නෑ. එයා මාව බදාගෙන වැල්ලේ හඳ එළිය යට නිදියගෙන හිටියා... යන දවසේ උදේ මගෙන් ඇහුවා ~ඔයා මාව බඳින්න කැමැතිද~ කියලා.

ඉතිං...
මං ඇත්තටම ~හා~ කිව්වා... එදා හවස එයාලා යන්න කලින් මගේ ළඟට ඇවිත් ඩොලර් සීයක් දීලා එකවුන්ට් එකක් ඕපන් කරන්න කිව්වා. එච්චරයි... එදා රෑ එයාලා පිටරට ගියා. මං එකවුන්ට් එකක් ඕපන් කළා... දවස් තුනකට පස්සේ කෙල්ල මට කතා කළා... ඔයාගේ එකවුන්ට් නම්බර් එක දෙන්න කිව්වා. ඊට දවස් දෙහෙකට පස්සේ ආයි කතා කළා. ඩොලර් ලක්ෂයක්. රුපියල් කෝටියක් මගේ එකවුන්ට් එකට දාලා... ගේ හදන්න කිව්වා. එයාලා ඊළඟ සැරේ එන්නේ අපේ ගෙදර නවතින්න කිව්වා.

ඒ කොයි කාලේද.
දෙදහස් දෙකේ එකේ විතර. ගේ හදන ප්ලෑනත් එයාල එවලා තිබුණා. මේ තියෙන්නේ ඒ ගේ. ඊට පස්සේ ආයිත් එයා මට ඩොලර් ලක්ෂ දෙකක් දුන්නා. මේ මුළු ගේම හැදුණේ ඒ සල්ලිවලින්. ඊට පස්සේ ආයෙ ෆර්නිචර් ගන්න කියලා ඩොලර් ලක්ෂයක් එව්වා. එකම අවුරුද්දේ. රුපියල් කෝටි හතරක්. මං ප්ලෑනට ගේ හැදුවා. අම්මලාට වෙන ගෙයක් අරන් දුන්නා. මට ලොකු බෝට්ටුවක් ගන්න වෙනම සල්ලි දුන්නා.

ඒ කෙල්ලව බැන්දද...
අනිවා.. එකෙන්ම බැන්දා. මං ජර්මන් ගිහින් තියෙනවා සිය පාරකට වඩා. මේ පොඩි කාලෙට. හිතන්න ටිකට් සීයක්. කීයකද... එහෙමයි හිටියේ... පස්සේ පුතා ලැබුණා... පුතාව එයා එයා ළඟට ගත්තා. මං මෙහෙත් හිටියා... එහෙත් හිටියා... අවුරුදු දාහතරක් අපි එකට හිටියා. ජීවිතේ සැපටම හිටියා.
හරි ඊට පස්සේ මොකක්ද වුණේ.

මං කිව්වේ බට්න් එකක් ඔබන්න අමතක වුණ ඒකෙන් වුණේ කියලා...
කතාකරුවගේ ඇස් දීප්තියෙන් දිලිසුණා. ඊළඟට ආයිත් බොඳ වුණා. දුම් ගුළියක් අපි හිටිය තැන එක එක රටා මව මව හුළඟට මුහුවුණා. හාන්සි පුටුවේ වාඩි වෙලා හිටිය ඉරියව්ව තව පහසු ඉරියව්වකට මාරු කළ කතාකරුවා හිනාවෙලා මං දිහා බැලුවා. ඒ ඇස් අස්සේ මං දැක්කෙ පට්ට කපටියෙක්ව...
ඉතිං...

මොනවද යාළු ඒක වුණේ ගිය අවුරුද්දේ වෙසක් දවසේ. රෑ අපි මෙහේ සෙට් වෙලා හිටියෙ... මගේ තව යාළු ජර්මන් කෙල්ලෝ දෙන්නෙක් මට කතා කරලා ඇහුවා බැරිද හම්බුවෙන්න කියලා.

කොහේදිද...
මෙහේදි... මෙහේ ඇවිල්ලා උන් දවස් ගණනක්. මගෙත් තව යාළුවෙක් හිටියා. මං ඇහුවා උගෙනුත් මොකද කරන්නේ කියලා. ඌත් ~හා~ කිව්වා. මං ඒ ගමන ජර්මන් කෙල්ලෝ දෙන්නට එන්න කිව්වා. ඒ අස්සේ ඒ ජර්මන් කෙල්ල කියනවා එයාලගේ තව යාළුවෙක් ඉන්නවලු... එයාවත් එක්ක එන්න වෙනවා කියලා. මොනවා කරන්නද මං ~හා~ කිව්වා. ඔය අතරේ මගේ ගෑනිත් ස්කයිප් ආවා. මං එයත් එක්ක චැට් එකක් දාන්න සෙට් වුණා. මං කිව්වා අද මං ඉක්මනට නිදියනවා. මහන්සියි කියලා... එයත් හා කිව්වා... ඒ අතරේ අර ජර්මන් කෙල්ල කතා කරනවා. මං ඉක්මනට ගෑනිට ගුඩ් නයිට් කියලා ස්කයිප් එකෙන් කට් වුණා. එතකොටම ජර්මන් කෑලි තුන ඇවිත්. උන් ඇවිත් තිබුණේ හැම දෙයක්ම අරගෙන. ඒ අස්සේ වහින්න ගත්තා. එළියට බහින්න බෑ. නැත්නම් අපි බෝට්ටුවේ ඉන්නේ...
ඊට පස්සේ...

මොනවද යාළු එතැන අඩු. ඉතිං හැමදෙයක්ම වුණා. ඒ කියන්නේ හොඳ ප්‍රියසාදයක ඉඳලා අන්තිම පට්ට බ්ලූ ෆිල්ම් එකක වගෙ ඔක්කොම වුණා. පැය පහක් විතර තිස්සේ. දුන් තෙල්, කෑම, සංගීතය, සීතල, හැම දෙයක්ම ගිනිගත්තා.
ගිනි ගත්තා කිව්වේ...
ඇයි බං කෙල්ලෝ තුන්දෙනයි. මෙහේ එවුන් නෙවෙයි... පිටරට. මොන සදාචාරයක්ද බං... වෙන්න ඕනේ ඒවා ඔක්කොම වුණා... උදේ ඇහැරෙද්දිත් අපි හිටියේ ඇඳුම් නැතුව...

ඊට පස්සේ
උදේ කෝල් එකක් ආවා... මට ගෑනිගෙන්... මං එහෙමම නැඟිට්ටා. මට ගෑනි කිව්වා ඇඳුමක් ඇඳගන්න කියලා... ඊට පස්සේ කිව්වා මං ඔයාට ඩිවෝස් පේපර්ස් එවන්නම්. අස්සන් කරලා එවන්න කියලා... මං අන්දුන්කුන්දුන්... ඊට පස්සේ ~දැං මං බැලුවා හොඳටෝම ඇති වෙබ් කැමරා එක ඕෆ් කරන්න කිව්වා...~ මං කෑම් එක දිහා බැලුවාම මට තව හොඳ කතාවක් එයා කිව්වා.

ඒ මොකක්ද
එයාගේ සල්ලි මාව යක්ෂයෙක් කළා කිව්වා. බට්න් එකක් තමයි ඒක මට පෙන්නුවේ... ෆෝන් එක තිබ්බා. අද වනතුරු කතා කරලා නෑ.
ඩිවෝස් පේපර්ස්.
ආවා. මං මාස ගණන් තියං ඉඳල පස්සේ අස්සන් කරලා යැව්වා.
ඉතිං.. දැං මොකද කරන්නේ...
මොනවද යාළු මට තවම අවුරුදු තිස් පහයි. තව ඕනේ තරම් වැල්ලට සුද්දියෝ එනවනේ. ඉතිං ඊළඟ අවුරුද්දේ ඔයා ආවම නවතින්නේ උඩතට්ටුවේ. බෝතල් කට්ටක් වැල්ලට දාන එක විතරයිනේ තියෙන්නේ. එක පරිච්ඡේදයක් ඉවරයි. තව එකක් පටන් ගනියි. ජීවිතේ ගලයි...
A.එදිරිසිංහ


3 comments:

පචවංශ said...

යකුනේ ඔය අධිරාජ්‍යවාධී කුමන්ත්‍රණ
ඔවුන්ට AIDS කියන ලෙඩේ හද්දවලා තමා මෙහාට එවලා තියෙනේ

කමල් ජයසිංහ said...

අනේ පචයෝ උබ දන්න ඉටිගෙඩිය.නිකන් බොරු බේගල් නොකියා හිටපන්.අපේ ලොකු සාදු මට ඇත්ත කිව්වා.
ඔය ඇවිල්ලා කොනකපාලලාගේ උගුලක්

පචවංශ said...

මන් දැක්කා වැටකෙයි ගාලක "සාරුගේ" තැඹිලි පාට රෙද්දක්
එහෙනම් යන්න ඇති නේද ප්‍රායෝගිකව බලන්න හෝ කරන්නන

Post a Comment