skip to main |
skip to sidebar

2:04 PM

Unknown
No comments
හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්‍ෂණයට ගිය එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු විශේෂ පොලිස් කණ්‌ඩායමක් විසින් ඊයේ (5 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධියට සම්බන්ධ වීඩියෝ පට පරීක්‍ෂාවෙන් මෙම සැකකරුවන් හඳුනා ගැනීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. මීට සම්බන්ධ තවත් පිරිසක් ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය.
පසුගිය මස 17 වැනිදා සිදුවූ මෙම සිද්ධියේදී පිස්‌තෝලයක් ද ගෙන මන්ත්‍රීවරුන් පසුපස එළවූ හම්බන්තොට නගරාධිපති එරාඡ් ප්‍රනාන්දු මහතා මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇති බැවින් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන නැත.
අත්අඩංගුවට ගත් පිරිස එදින කලහකාරී ලෙස හැසිරෙමින් ගල්, මුල්, බිත්තර, තක්‌කාලි ප්‍රහාර එල්ල කරන අයුරු වීඩියෝ පටිගතව ඇති අතර ගාල්ල විශේෂ පොලිස් කණ්‌ඩායමක් එහි ගොස් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
Email This
BlogThis!
Share to Facebook
0 comments:
Post a Comment