හලාවතට මාළු වැස්සක් (Video) ~ niruwatha

Monday, May 5, 2014

හලාවතට මාළු වැස්සක් (Video)

හලාවත - මාදම්පේ - ගලහිටියාව ප‍්‍රදේශයට අද උදෑසන වර්ෂාව සමග මසුන් බිමට පතිතව තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ මෙලෙස බිමට පතිත වී ඇති මසුන් මිරිදිය මත්ස්‍යයන් වන බවයි. මෙම මසුන්ගෙන් වැඩි සංඛ්‍යාවක් කාවයියා නැමති මත්ස්‍ය විශේෂය බව ප‍්‍රදේශවාසීන් හඳුනාගෙන තිබෙනවා. විනාඩි 10 ක පමණ කාලයක් වර්ෂාවත් සමග මෙලෙස මසුන් බිමට පතිත වී ඇති අතර මොවුන් අඟල් 3 ත් 5 ත් අතර දිිගින් යුක්තයි. බිමට පතිත වන අවස්ථාව වනවිටත් මෙම මසුන් මියගොස් නොසිටි බවයි එම ස්ථානයට ගිය අප ප‍්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.


තවත් වීඩියෝවක් - https://www.youtube.com/watch?v=gXYSKSqoGcw

0 comments:

Post a Comment