වජිරා නෙත්තිකුමාර එක්ක බුරු ගහපු අයට දඩය රු 100යි ~ niruwatha

Monday, May 12, 2014

වජිරා නෙත්තිකුමාර එක්ක බුරු ගහපු අයට දඩය රු 100යි

කොළඹ පුරහළ ප්‍රදේශයේ ගොඩ නැගිල්ලක නීති විරෝධී සූදුපොළක මුදල් ඔට්ටුවට බූරුවා ගසූ 24 දෙනකුට රුපියල් සියය බැගින් දඩ නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සූදු කෙළියට සහාය වූ බව කියන හත් දෙනකු රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.
සූදු පොළ පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ හිමිකාරිය බව කියන වජිරා නෙත්තිකුමාර ඇගේ ලිපිනයේ නැතැයි කී පොලිසිය ඊළඟ නඩු වාරයේ උසාවියේ පෙනී සිටින්නට නොතිසී නිකුත් කරන්නැයි ඉල්ලීය.
මසකට රුපියල් පන් ලක්ෂය බැගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු ද ගෙවා නැතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
 ලබන 16 වැනි දා උසාවියේ පෙනී සිටින්නැයි වජිරා නෙත්තිකුමාරට නොතීසි නිකුත් කැරිණි.

0 comments:

Post a Comment