නිසි වර්ණ පිළිවෙල නොමැති බෞද්ධ කොඩි 60,000ක් පිටකොටුව - පීපල්ස් පාක් ගොඩනැගිල්ලේ වෙළඳසැල් කිහිපයක තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් කළ දැනුම් දීමකට අනුව පාරිභෝගික අධිකාරිය විසින් පිටකොටුව ප‍්‍රදේශයේ අද (12) සිදුකළ හදිසි වැටලීමකදියි මෙම බෞද්ධ කොඩි සොයාගෙන ඇත්තේ. ඒ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දක්වන එහි අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.යූ. ඩග්ලස් කියා සිටියේ වෙසක් සමයේ මෙවැනි බෞද්ධ කොඩි අලෙවි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තවදුරටත් වැටලීම් කරන බවයි.
එම වීඩියෝව - https://www.youtube.com/watch?v=giJIGGrCK2A
9:22 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment