දඹුල්ල කැළඹු සර්වාගමික වෙසක් කූඩුව (Photos) ~ niruwatha

Wednesday, May 21, 2014

දඹුල්ල කැළඹු සර්වාගමික වෙසක් කූඩුව (Photos)

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දඹුල්ල කාර්යාලයේ මැදිහත්වීමෙන් වෙසක් කලාපයක් පසුගියදා නිමාවට පත්වුණේ අපභ‍්‍රංශ වෙසක් කූඩුවක් නිසා දඹුල්ල පමණක් නොව සියලු ලක්වැසි බෞද්ධයෝ කැලඹීමට පත් කරමින්.

මාතලේ උකුවෙල රට විරුවෝ සංවිධානයේ මගපෙන්වීමෙන් පැවැති වෙසක් කලාපයට එක්කර තිබූ මේ කූඩුව දැක බලා ගැනීමට දඹුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති හල්මිල්ලෑවේ පේ‍්‍රමරතන හිමියන් එම ස්ථානයට වැඩම කිරීමත් සමග තත්වය තවත් බරපතල වුණා.

" බලනකොට ඇත්තටම හිත වාවගන්න බැරි වේදනාවක් ගෙන දෙන දර්ශන කිහිපයක් දැක්කා. අපේ බුදුන් වහන්සේගේ ධර්මය, තෙමගුල සිහිකරන වෙසක් පොහොය දවසේ මේගොල්ලෝ පිරිත් කොටුවක් කියලා ගහලා, පිරිත් කොටුව ඇතුලේ බෝනික්කෝ 04දෙනෙක් තියලා, ඒකට සිවුරු පොරවලා පිරිත් දාලා තියෙනවා. මේක වටේට තව කූඩු 6ක් තියෙනවා. ඒවා කැරකෙනවා. මේකෙ තියෙනවා කුරුසයක්. මුස්ලිම් ආගමේ සංකේතය තියෙනවා. " 

වෙසක් කලාපය සංවිධාන කළ මහත්මියක් ඉන්පසුව උන්වහන්සේ සිටි ස්ථානයට පැමිණියා. 
" මං කිව්වා ඔයාලගේ මේ සර්ව ආගමික හරි සංහිදියාව හරි මේක මේ ආගමික සංහිදියාව කියලා මේකට ඇතුල් කරන්න එපා. වහාම මේක ඉවත් කරන්න කියලා. මං ඉන්න තැනම, මේසයක් උඩ මේක එල්ලලා තිබුණේ. රෙදිත් ගලවලා, පිරිතත්  ඕෆ් කලා. මං කිව්වා හරි මං යන්නම් කියලා බැහැලා ආවා. "

සිද්ධිය එතැනින් අවසන් වූයේ නැහැ... සර්ව ආගමික සංහිදියාව වෙසක් මංගල්‍යට කුමකටදැයි රැස්ව සිටි ජනතාව දිගින් දිගටම ප‍්‍රශ්න කළා. සංවිධායකයන්ටත් වඩා හිත රිදී තිබුණේ අදාළ කූඩුව පළමු තැනට තේරූ වින්ශ්චය මණ්ඩලයටයි.

පසුව දඹුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති හල්මිල්ලෑවේ පේමරතන හිමියන්ට පොලීසියෙන් කැඳවීමක් ලැබුණා. 

" ඒ ආවට පස්සේ පහුවදා අපේ දඹුල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිතුමා ඇවිත් කිව්වා ඔබවහන්සේට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙනවා කටඋත්තරයක් ගන්න  ඕනි කියලා. අපේ හාමුදුරුවෝ දඹුල්ල ප‍්‍රදේශයේ ශාසනාරක්ෂක බලප‍්‍රදේශයේ ලේකම් හාමුදුරුවෝ, නන්දවිමල හාමුදුරුවෝ, අනිත් හාමුදුරුවෝ 15ක් 20ක් එතනට ආවා. මං පොලීසියට යනවා කිව්වම. "

සිද්ධිය වූ ස්ථානයේ මාධ්‍යවේදියෙක්ද සිටියා. ඔහුටද මේ සිද්ධිය හොඳින්ම දක්නට ලැබුණා. 


" පොඞ්ඩක් වෙලා යනකොට එතන ඉන්න අය කූඩු ගැන විවේචනය කරන්න ගත්තා. මේක වෙසක්වලට ගැළපෙන්නෑ දාලා තියෙන සළකුණු කියලා. කතාබහක් ගියා. ටික වේලාවකින් පන්සලේ හාමුදුරුවෝ වැඩියා. "

පේමරතන හිමියන්ට මෙන්ම මෙම මාධ්‍ය සගයාටද පොලීසියෙන් කැඳවීමක් ලැබුණේ කාගේ හෝ බලපෑමටද ? 

" ගෙදර ආවට පස්සේ පහුවදා උදේ ආවා පොලීසියෙන් කටඋත්තරයක් ගන්න. මගෙන් ඇහුවා කූඩු බලන්න ගියාද කියලා. බලන්න ගියා කිව්වා. ඔයාලා තමයි කූඩු කඩලා තියෙන්නේ කියලා කටඋත්තරයක් ගන්න  ඕනි කිව්වා. යන්නත් බෑ ඔහොම ඉන්න කිව්වා. මං කිව්වා ඒ අය ඇවිත් නැති හින්දා මාව තියාගෙන වැඩක් නෑනේ මාව යවන්න කියලා. එහෙම යවන්න බෑ කියලා ලොකු මහත්තයට කතා කළා. ඒ මහත්තයා බැන්නා. මං කිව්වා කඩන්න ගියේ නෑ බලන්නයි ගියේ කියලා. මං කූඩුවේ හිටියා පැයක් විතර. "  

අදාළ වෙසක් කූඩුව පළමු තැනට තෝරන අවස්ථාවේ එම විනිශ්චය මණ්ඩලයට මාධ්‍යවේදියෙක්ද එක්ව සිටි බව වාර්තා වුණා. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් සහ ඉහළ පෙළේ පුද්ගලයන් සතුටු කිරීමේ අරමුණින් මෙම අපභ‍්‍රංශ නව නිර්මාණය සිදුකළ බව බොහෝදෙනාගේ අදහස වුණා.

සිද්ධියට දැඩි ලෙස විරෝධය පළ කරන හල්මිල්ලෑවේ පේමරතන හිමියන්ගේ වචනයෙන්ම තෙමගුල සිහි කරන මේ උතුම් පොහොය දිනයේ අනුන්ගේ මගුල් මේකට අටවන එක ඉතා වැරදි බව අමුතුවෙන් කිව යුතු නොවේ.

" මේකට අපි කැමති නෑ. තෙමගුල සිහිකරන පෝය දවසේ අනුන්ගේ මගුල් අතවනන එක වැරදියි. මේවා ඒ විදිහට කරන්න දෙන්න බෑ. "

_DSC0280 copy

_DSC0282 copy

_DSC0294 copy

IMGA0127 - Copy

IMGA0128

IMGA0129

IMGA0129_1



IMGA0130

1 comments:

Unknown said...

හෙන ගහපිය පර හෙටිකරේට....එනව මගුලක් කතා කරන්ට ..මේක බෞදධ රටක්.....

Post a Comment